Header Sinhala

ඉඩම් අංශය

සක්‍රීය සේවයේ යෙදි සිටින රණවිරුවන්ට නිවසක් තනා ගැනිම සඳහා ඉඩමක් ලබා දීමට ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ 2021/01 දරණ චක්‍රලේඛයට අනුව නිර්දේශ ලබාදිම.

ඉඩම් අයදුම්පත් ඉදිරිපත් කිරිම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් හා ක්‍රියා පිළිවෙත

ඉල්ලුම්කරු අයදුම්පත් ඉල්ලුම් කරන දිස්ත්‍රික්කය තුල අනිවාර්යෙන්ම පදිංචි කරුවෙකු විය යුතුය.

සාමාජිකයා සතුව හෝ විවාහක නම් කලත්‍රයා සතුව නිවාසක් ඉදි කිරිමට ඉඩමක් නොමැති බවට ග්‍රාම නිලධාරි සහ ප්‍රාදේශිය ලේකමි විසින් නිර්දේශ ඉදිරිපත් කල යුතුය.

ඉඩම් කොටස් ලබාදීමට සුදුසුකම් ලබන අයදුම්කරුවන් අනිවාර්යෙන්ම වසර 2 ක් ඇතුලත එම ඉඩම් කොටස සංවර්ධනය කර නිවාස ඉදිකර පදිංචි විය යුතුය.

ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ 2016/07 චක්‍රලේඛයේ 2.1 වගන්තිය අනුව අයදුම්කරුවන් 2009.06.01 දිනට පෙර යුද්ධ හමුදා සේවයට බැදි ඇති අයවළුන් විය යුතු අතර, ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ 2021/01 දරණ නව චක්‍රලේඛයට අනුව 2009.06.01 දිනට පසුව යුද්ධ හමුදා සේවයට බැදි ඇති අයවලුන් සඳහාද රජයේ ඉඩමක් ලබාගැනීමට හිමිකමක් ඇත.

මීට ප්‍රථම යුද්ධ හමුදාව වෙතින් ඉඩමක් හෝ නිවසක් ලබාගෙන නොමැති අයෙකු විය යුතුය.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙතින් වෙන් කර ඇති ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් හෝ ඒ ආසන්න කොට්ඨාශ වල ස්ථිර පදිංචි අයදුම්කරුවන් හට අයදුම්පත් ඉදිරිපත් කල හැකිය.

සේවයේ යෙදී සිටින රණවිරුවන් හට ඉඩම් ලබාගැනීම සඳහා අයදුම්පත් සමිපුර්ණ කර ග්‍රාම නිලධාරිගේ නිර්දේශය හා ප්‍රාදේශීය ලේකම් හා ඒකක අණදෙන නිලධාරිගේ නිර්දේශය සහිතව රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කර රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකගේ නිර්දේශය සහිත ආවර්ණ ලිපියක් මගින් පමණක් මෙම අම වෙත ඉදිරිපත් කල යුතුය. (එසේ ඉදිරිපත් නොකරන අයවළුන්ගේ අයදුම්පත් සඳහා මෙම අම වෙතින් ක්‍රියා නොකරනු ලබයි.)

සහනදායී පදනම මත බදු බලපත්‍ර ලබා ගැනීම ගැනීම සඳහා නිර්දේශ ලබාදීම

සක්‍රීය සේවයේ යෙදී සිටින හා විශ්‍රාමික රණවිරුවන් රජයේ ඉඩම් කොටසක පදිංචිව සිටි නම් ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ 2021/01දරණ චක්‍රලේඛයට අනුව සුදුසුකම් සපුරාලීමෙන් අනතුරුව 10% සහනදායි පදනම යටතේ බදු බලපත්‍ර ලබාගැනිම සඳහා නිර්දේශ ලබාදිම.

බදු බලපත්‍ර අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් හා අවශ්‍ය ලියකියවිලි

සේවයේ යෙදි සිටින රණවිරුවන් පදිංචි රජයේ ඉඩම සඳහා බදු බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම්පත් සම්පුර්ණ කර ග්‍රාම නිලධාරි/ප්‍රාදේශිය ලේකම් හා ඒකක අණදෙන නිලධාරිගේ නිර්දේශය ලබා ගැනීමෙන් පසු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකගේ නිර්දේශය සහිත ආවර්ණ ලිපියක් මගින් මෙම අම වෙත ඉදිරිපත් කල යුතුය. විශ්‍රාමික රණවිරුවන් පදිංචි රජයේ ඉඩම සඳහා බදු බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම්පත් සම්පුර්ණ කර ග්‍රාම නිලධාරි/ප්‍රාදේශිය ලේකම් නිර්දේශය ලබා ගැනීමෙන් පසු ඉදුරාම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකගේ නිර්දේශය සහිත ආවර්ණ ලිපියක් මගින් මෙම අම වෙත ඉදිරිපත් කල යුතුය.(එසේ ඉදිරිපත් නොකරන අයවළුන්ගේ අයදුම්පත් සඳහා මෙම අම වෙතින් ක්‍රියා කරනු නොලබයි.)