Header Sinhala

නීති ආධාර

යුද්ධ හමුදා නීති ආධාර අරමුදල

නිත්‍යානුකුල යුද්ධ හමුදා රාජකාරි ඉටු කිරීමේ දී කරන ක්‍රියාවන් සම්බන්ධයෙන් සිවිල් අධිකරණයේ නඩු පැවරීමට භාජනය වන සියලු හමුදා සාමාජිකයින් වෙනුවෙන් රුපියල් ලක්‍ෂයක් (රු.100,000.00) දක්වා ආධාර ලබාදීම සඳහා මෙම අරමුදල 2005.01.01 දින ආරම්භ කරන ලදී. නඩුවේ ස්වාභාවය අනුව ඊට වඩා වැඩි මුදලක් නිර්දේශ කිරීමට වුවද භාරකාර මණ්ඩලයට හැකියාව ඇති අතර, ඒ සඳහා යුද්ධ හමුදාධිපති අනුමැතිය ලබාගත යුතුය. අරමුදල ආරම්භ කිරීම සඳහා 2005 ජනවාරි මස සිට වාරික 20 ක් රු. 10.00 බැගින් රු: 200.00 ක් අයකර අරමුදල ගොඩනගා ඇත.

  • මෙමගින් නිත්‍යානුකූල රාජකාරි ඉටු කිරීමේදී පැන නගින නඩු කටයුතු වෙනුවෙන් මෙම අරමුදලෙන් ප්‍රතිලාභ ලබාගත හැකි අතර, සාමාජිකයා විශ්‍රාම ලැබූවද එම නඩුව වෙනුවෙන් නඩු ගාස්තු ලබා ගැනිමේ හැකියාව පවති.
  • එමගින් මේ දක්වා හමුදා සාමාජිකයින් වෙත නීති කටයුතු සඳහා මුදල් ගෙවීම් සිදුකර ඇති අතර, ගිණුමෙහි මුදල් හීනවීම මත යුද්ධ හමුදාධිපතිගේ විශේෂ අනුමැතිය මත නැවත මුදල් අයකර ගිණුම තරකර ගැනීමට හැකියාව ඇත.

නීති ආධාර ලබා ගැනීමේ දි ඉදිරිපත් කළයුතු ලිපි ලේඛන

  • නිවැරදි සම්පූර්ණ කරන ලද අයදුම්පත
  • ජාතික හැදුනුම්පතෙහි පිටපත්
  • යුද්ධ හමුදා හැදුනුම්පතෙහි පිටපත්
  • ආසන්න මස වැටුප් පත්‍රිකාවේ පිටපත්
  • ලිඛිත ප්‍රකාශණය
  • නීති ගාස්තු සැබැදි නීතිඥයා වෙතින් ලබාගන්නා ලද ලිපිය
  • නඩු වාර්ථාව