Header Sinhala

සුවසහන අරමුදල

සුවසහන අරමුදලේ අරමුණු

  • ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්/විශ්‍රාමික සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා සෞඛ්‍යය ආවරණයක් හා ජීවිත ආවරණයක් ලබාදීම.
  • ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්/විශ්‍රාමික සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය පහසුකම් රජයේ සහ පුද්ගලික රෝහල්වලින් ලබාගැනීමේදී දැරීමට සිදුවන වියදම් ප්‍රතිපුර්ණය කිරීම.
  • යුද්ධ හමුදා සාමාජිකයෙකු/විශ්‍රාමික සාමාජිකයෙකු, කලත්‍රයා සහ දරුවෙකු ඡීවිත අහිමි වීමකදී ඡීවිතාවරණ යටතේ මුදල් හිමි ගැන්වීම
  • දරු උපතකදී ප්‍රතිලාභ මුදලක් ලබාදීම
  • යුද්ධ හමුදා සාමාජිකයෙකු/ විශ්‍රාමික සාමාජිකයෙකු හදිසි අනතුරු තත්වයකදී ඇති වන ආබාධිත තත්වය අනුව වන්දි මුදල් හිමි ගැන්වීම
  • සාමාජිකයන්ගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වන විශේෂිත වූ ප්‍රතිකාර සඳහා මුදල් ප්‍රතිපූර්ණය කිරීම
  • සාමාජිකයන්ගේ දරුවන් සඳහා පමණක් මුඛ හා දන්ත ආශ්‍රිත ප්‍රතිකාර සඳහා ප්‍රතිලාභ මුදල් හිමි ගැන්වීම
  • යුද්ධ හමුදා/රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා අවස්ථාවකදී ගමන් වියදම් දීමනාවක් ලබාදීම
  • යුද්ධ හමුදා සාමාජිකයා සඳහා පමණක් ඇස් කණ්නාඩි දීමනාවක් හිමිගැන්වීම.
  • සාමාඡිකයාට/කාලාත්‍රයාට හා දරුවන් සඳහා හදිසි අනතුරු තත්වයකදී හෝ රෝගාබාධ තත්වයකදී සිදුවන ඔත්පල වීමකදී ප්‍රතිකාර සඳහා වැය වන මුදල් ප්‍රතිපූර්ණය කිරීම

සාමාජිකත්වය

  • නිත්‍ය බලසේනාවේ සියලුම නිලධාරීන්/නිලධාරිනියන් සහ සෙබල/ සෙබලියන්
  • ස්වේච්ඡා බලසේනාවේ සියලුම නිලධාරීන්/නිලධාරිනියන් සහ සෙබල/ සෙබලියන්
  • ස්වේච්ඡා උපසේවයේ සියලුම නිලධාරීන්/නිලධාරිනියන් සහ සෙබල/ සෙබලියන්
  • නිත්‍ය උප සේවයෙන් සක්‍රිය සේවයට කැඳවූ සියලුම නිලධාරීන්/ නිලධාරිනියන් සහ සෙබල/සෙබලියන්
  • නිත්‍ය හා ස්වේච්ඡා බලසේනාවල හමුදාගත කර ඇති සියලුම නිලධාරීන්/නිලධාරිනියන් සහ සෙබල/සෙබලියන්
  • ඉහත විස්තර කළ අයවළුන්ට විශ්‍රාම ගැනීමෙන් පසු සාමාජිකත්වය ස්වකීය කැමැත්ත මත ඉදිරියටත් පවත්වාගෙන යා හැකි අතර, එසේ හැකි වනුයේ මෙම අරමුදල ආරම්භ කිරීමෙන් පසු (2014.01.02 දිනෙන් පසු එක් වාරිකයක් හෝ වැටුපෙන් සුවසහන අරමුදලට බැරවී ඇති) විශ්‍රාම වැටුප් සහිතව විශ්‍රාම ගන්නා ලද අයවළුන් සඳහා පමණි.
  • සාමාජිකයා මිය ගිය අවස්ථාවෙීදී සමිපුර්ණ හිමිකමි මුදල වන 1000,000.00 මුදල ලබා ගැනීමෙන් පසු සුවසහන මුදලේ සාමාඡිකත්වය අහෝසි වන අතර කාලාත්‍රයාගේ කැමත්ත මත සාමාඡික මිය යෑම වෙනුවෙන් හිමි ප්‍රතිලාභ මුදලින් 500,000.00 ක් ලබා ගෙන ඉතිරි 500,000.00 ක මුදල සුවසහන අරමුදලේ රඳවා තබා එම මුදලින් ඉදිරි සාමාඡික මුදල් වාරිකයන් අය කර ගැනීමට කටයුතු කරනු ලබන අතර ඒ අනුව මාසික වාරික මුදල් ගෙවීමකින් තොරව සක්‍රීයව හා අඛණ්ඩව සුවසහන අරමුදලේ සාමාඡිකත්වය වයස අවුරුදු 80 දක්වා පවත්වා ගෙන යාමට කාලාත්‍රයාට අවස්ථාව හිමි වෙී
  • යුද්ධ හමුදාවට අනුයුක්ත ස්ථීර සහ අනියම් සිවිල් සේවක මහත්ම/ මහත්මීන් සඳහා මෙම අරමුදලේ සාමාජිකත්වය ලබාගත නොහැක

ප්‍රතිලාභීන්

  • සාමාජිකයා විවාහක නම්
    • සාමාජිකයා : වයස අවුරුදු 80 වන තෙක් පමණක්
    • කලත්‍රයා : වයස සීමාවක් බලපානු නොලැබේ
    • දරුවන් : අවිවාහක, රැකියා විරහිත අවුරුදු 30 ට අඩු නීත්‍යානුකූලව යුද්ධ හමුදාව අනුමත සාමාජිකයාගේ දරුවන් පමණක්. (විශේෂ අවශ්‍යතා ඇති ඉපයීමේ හැකියාවක් නොමැති දූදරුවන්ට වයස් සීමාව බලනොපානු ඇත)
  • සාමාජිකයා අවිවාහක නම්
    • සාමාජිකයා : වයස අවුරුදු 80 වන තෙක් පමණක්
    • සාමාජිකයාගේ මව : වයස් සීමාවක් නොමැත
    • සාමාජිකයාගේ පියා : වයස් සීමාවක් නොමැත
  • කිසියම් සාමාජිකයකු හට භාර්යාව, දූදරුවන්, මව, පියා ජීවතුන් අතර නොමැති නම් පමණක් ප්‍රතිලාභියකු ලෙස වෙනත් අයෙකු නම් කළ හැකිය. අවිවාහක සාමාජිකයකු ඔහු යුද්ධ හමුදාවට බැඳීමේදී නම්කර ඇති භාරකරු සඳහා හිමිකම් ඇත.
සාමාජිකයා වටිනාකම (රු)
සාමාජික මරණ  සඳහා 1,000,000.00
හදිසි අනතුරු (ආබාධිත ප්‍රතිශතය අනුව 100% ) 1,000,000.00
බරපතල රෝග ආවරණය 1,500,000.00
වයස අවුරුදු 22 දක්වා දරුවන්ගේ හදිසි අනතුරකදී ඇති වන ආබාධිත තත්වයකදී වෛසේඅම වෙතින් නිර්දේශිත ආබාධිත ප්‍රතිශතය අනුව 100% 1,000,000.00
ඇස්කණ්නාඩි  දීමනාව (වසර 3 කට වරක් රු:20,000.00 ක් හිමිගන්වනු ලබන අතර වසර 3 කට අඩුකාලයකදී උපැස් යුවලේ අළුත්වැඩියා කටයුතු සඳහා එක් වරක් රු:10,000.00 ක් හිමිගන්වනු ලැබේ) 20,000.00
කලත්‍රයා
මරණ 500,000.00
බරපතල රෝග ආවරණය 1,500,000.00
දරුවන්
මරණ අවුරුදු 01 ට වැඩි දරුවන් සඳහා  100,000.00
අවුරුදු 01 ට අඩු දරුවන් සඳහා 50,000.00
බරපතල රෝග ආවරණය 1,500,000.00
දරු උපත් සඳහා 10,000.00
මුඛ හා දන්ත ආශ්‍රිත ප්‍රතිකාර ආවරණය (බර පතල නොවන ශෛල්‍ය කර්ම වෙනුවෙන් වාර්ෂිකව හිමි රු 300,000.00 හා සාමාන්‍ය රෝග වෙනුවෙන් හිමි වාර්ෂිකව හිමි රු 200,000.00 මුදල සමග) 500,000.00
පවුල් ඒකකයක් සඳහා වසරකට (අදාල වර්ෂයේ ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා) සෞඛ්‍ය සහ රෝහල් ප්‍රතිලාභ (අවිවාහක අයවළුන්ගේ දෙමාපියන්ද ඇතුළුව)
රෝහල්ගත කිරීම් - සාමාන්‍ය  (ගමන් වියදම් 7 x 1000.00 = 7,000.00,
වෛද්‍ය පරීක්‍ෂණ 419 ඇතුලත්ව )
200,000.00
රෝහල්ගත කිරීම් - බරපතල නොවන සැත්කම් (බරපතළ නොවන සැත්කම් සඳහා වසරකට හිමි රු:300,000.00 ක මුදල එම සැත්කම සඳහාම ඉක්මවා යන අවස්ථාවේදී සාමාන්‍ය රෝග කාණ්ඩය යටතේ වසරකට හිමි රු:200,000.00 ක මුදලින් ඉතිරිව ඇත්නම් එම මුදල අදාල ශල්‍යකර්මය සඳහා ලබා ගැනීමට හිමිකම් ඇත) 300,000.00
අවිවාහක අයවළුන්ගේ දෙමාපියන් සඳහා බරපතල රෝග ආවරණය (ජීවිත කාලයටම)
මව/පියා 1,500,000.00

බරපතළ රෝග/බරපතළ නොවන ශල්‍යකර්ම යටතේ ප්‍රතිකාර ලබා ගැනීමේදී ඒ සඳහා ඇස්මේන්තුගත මුදලින් 50% ක අත්තිකාරම් මුදලක් ලබාදීම

  • යුද්ධ හමුදා සක්‍රීය සේවයේ යෙදී සිටින සියළුම සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්/විශ්‍රාමික සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රජයේ/පුද්ගලික රෝහල් වෙතින් සිදුකර ගැනීමට අපේක්‍ෂිත බරපතළ රෝග ප්‍රතිකාර/බරපතළ නොවන ශල්‍යකර්ම වෙනුවෙන් දැරීමට සිදුවන වියදම පියවා ගැනීමට/සොයා ගැනීමට නොහැකිව සාමාජිකයින් පත්වන මූල්‍යමය අපහසුතා නිරාකරණය කර ගැනීම පිණිස ඉහත රෝග කාණ්ඩයන් දෙක යටතේ හිමි (රු.1,500,000.00/රු.300,000.00) උපරිම මුදලට යටත්ව අවශ්‍යතාවය අනුව ඇස්තමේන්තුගත මුදලින් 50% ක් ලබාදෙනු ලබයි
  • ප්‍රතිකාර ලබා ගැනීමට නියමිත රජයේ/පුද්ගලික රෝහල වෙතින් ඇස්තමේන්තුපතක් ලබාගෙන එම ඇස්තමේන්තුපත හා සාමාජිකයාගේ ලිඛිත ප්‍රකාශනයක් ඒකක අණදෙන නිලධාරීගේ සහ මධ්‍යස්ථාන සේනාවිධායකගේ නිර්දේශයෙන් අත්තිකාරම් මුදල් ඉල්ලුම් කිරීමේ අයදුම්පත සමඟ ‍වෛසේඅම වෙත ඉදිරිපත් කල යුතුය

කල්පිරීම

  • වයස අවුරුදු 80 වන තෙක් පමණක් සාමාජිකයකුට මෙම අරමුදලේ රැඳී සිටිය හැකි අතර, වයස අවුරැදු 80 දී කල්පිරීම සිදුවනු ඇත
  • සාමාජිකයාගේ කැමැත්ත පරිදි කල්පිරීමේ ප්‍රතිලාභය වයස අවුරුදු 65 දී වුව ද ලබාගත හැකිය. එසේ ලබාගන්නා සාමාජිකයින් ට වයස අවුරුදු 65 න් පසු සාමාජිකත්වය අහෝසි වනු ඇත

කල්පිරීමේ ප්‍රතිලාභය

  • සාමාජිකයකු හට වයස අවුරුදු 80 සම්පූර්ණ වී අරමුදලින් ඉවත්ව යන විට සාමාජිකයා විසින් අරමුදලින් කිසිදු ප්‍රතිලාභයක් ලබාගෙන නොමැති නම් අරමුදලට වාරික මුදල් ලෙස ගෙවා ඇති මුළු මුදල සහ එම මුදලට ලද ලාභාංශ ඔහුට/ඇයට නැවත ප්‍රතිපූර්ණය කරනු ලබයි.

විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා සුවසහන අරමුදලේ සාමාජිකත්වය පවත්වාගෙන යාම

  • යුද්ධ හමුදා සාමාඡිකයෙකු විශ්‍රාම යාමෙන් පසු සුවසහන අරමුදලේ විශ්‍රාමික සාමාඡිකත්වය ලබා ගන්නා කාලසීමාවේදී යුද්ධ හමුදා සාමාඡිකයාගේ වැටුපෙන් සුවසහන අරමුදල වෙත මාසික වාරික මුදල බැරවීම අවසන් වු මස සිට (අවසන් වැටුප් පත්‍රිකාව අනුව) ඉදිරියට විශ්‍රාම සාමාඡිකත්වය ලබා ගැනීම සදහා මාස 06 ක සහන කාල සීමාවක් ලබා දී ඇත.
  • ලබා දී ඇති සහන කාලසීමාව ඉක්මවා ගොස් විශ්‍රාමික සාමාඡිකයෙකු සාමාඡිකත්වය ලබා ගැනීමකදී සාමාඡිකත්වය අක්‍රීය වු මස සිට සාමාඡිකත්වය ලබා ගන්නා අවස්ථාව දක්වා මසකට රු: 100.00 බැගින් ප්‍රමාද ගාස්තුවක් ගෙවා උපරිම අවස්ථා 03 කදී පමණක් නැවත සාමාජිකත්වය ලබාගත හැක. එම ප්‍රමාද ගාස්තුව හා අදාළ කාල සීමාවට අයත් සාමාඡික මුදල එකවර සුවසහන අරමුදලට තැම්පත් කල යුතුය
  • එසේ සාමාජිකත්වය සක්‍රීය කර ගැනීමෙන් පසු පළමුවන අවස්ථාව සඳහා මාස 06ක පරිවාස කාලසීමාවකින් පසුව සිදුවන සිදුවීම් සඳහා පමණක් හිමිකම් ඇති අතර, දෙවන සහ තෙවන අවස්ථාවන් සඳහා මාස 12 ක පරිවාස කාල සීමාවකින් පසුව සිදුවන සිදුවීම් සඳහා පමණක් හිමිකම් ඇත.
  • විශ්‍රාම සාමාඡිකයෙකු සාමාඡික මුදල් තැම්පත් කිරීමේදී වර්ෂයක් (මසකට රු: 700.00 බැගින්) සදහා රු: 8400.00 ක් හෝ අඩවසරක් සදහා රු: 4200.00 ක මුදලක් එකවර තැම්පත් කල යුතු අතර, අදාල සාමාඡිකයාට හිමි මහඡන බැංකු ගිණුම් අංකය සුවසහන අරමුදල සමග සමබන්ධතාවයෙන් ලබාගත හැකිය. (2021 ඡුනි මස සිට ඉදිරියට වැහාලේඅම වෙතින් විශ්‍රාම ගන්වනු ලබන යුද්ධ හමුදා සාමාඡිකයින්ගේ අවසන් වැටුපෙන් සුවසහන අරමුදල වෙත සාමාඡික මුදල් බැරවීමක් සිදු නොවේ)
  • වයස අවුරුදු 80 වනතෙක් පමණක් සාමාඡිකයෙකුට මෙම අරමුදලේ රැදී සිටිය හැකි අතර, වයස අවුරුදු 80 දී කල්පිරීම සිදුවනු ඇත. සාමාඡිකයාගේ කැමැත්ත පරිදි ප්‍රතිලාභය වයස අවුරුදු 65 දී ලබාගත හැකිය. එසේ ලබාගන්නා සාමාඡිකයන්ට වයස අවුරුදු 65 න් පසු සාමාඡිකත්වය අහෝසිවනු ඇත.
  • යම් ප්‍රතිලාභ මුදලක් ලබාගෙන ඇත්නම් එම ලබාගෙන ඇති ප්‍රතිලාභ මුදල ගෙවා ඇති වාරික මුදලට වඩා අඩුවේ නම් පමණක් එහි වෙනස කල්පිරීමේදී නැවත ලබා ගැනීමට සාමාඡිකයාට හිමිකම් ඇත. ගෙවා ඇති මුලු වාරික මුදලට වඩා වැඩිපුර ප්‍රතිලාභ ලබාගෙන ඇත්නම් කල්පිරීමේදී කිසිදු ගෙවීමක් සිදුකරනු නොලැබේ.
  • සක්‍රීය සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විශ්‍රාම ගන්නා අවස්ථාවේදි සුවසහන අරමුදල පිළිබඳ දැනුවත් කිරීම සඳහා සියළුම රෙජිමේන්තු මධ්‍යස්ථානයන්හි සුභසාධක අංශය වෙත විශ්‍රාම කාඩිපතක් ලබා දී ඇත.

ප්‍රතිලාභ ගෙවීම සඳහා ඉදිරිපත්කල යුතු ලිපි ලේඛණ

  • සාමාජිකයාගේ සහ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ප්‍රතිලාභ ඉල්ලුම් කිරීමේදී විවාහ සහතිකය හා උප්පැන්න සහතිකයන්හි ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද මුල් පිටපත් එක් වරක් පමණක් අරමුදල වෙත ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ.
  • ජීවිත හානියකදී (සාමාජික, කාලාත්‍ර, දරු)

    • සාමාජික අයදුම්පත්‍රය
    • ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද මරණ සහතිකය
    • ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද විවාහ සහතිකය (සාමාජික/කලාත්‍ර/දරු මරණයක් නම් පමණක්)
    • ප්‍රා:ලේ වෙතින් සහතික කරන සාමාජිකයාගේ උප්පැන්න සහතිකය (සාමාජික මරණ සඳහා දෙමාපියන් විසින් ඉල්ලුම් කරයි නම් පමණක්)
    • ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද දරුවාගේ උප්පැන්න සහතිකය (දරු මරණ සඳහා ඉල්ලුම් කිරිමක් නම් පමණක්)
    • වන්දි හිමිකම් සහිත පුද්ගලයින්ගේ බැංකුපාස් පොත්වල සහතික කරන ලද පිටපත්
    • යුහ හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
    • ජාතික හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
    • බැංකුපාස් පොතෙහි සහතික කල පිටපතක්
    • ඥතිත්වය සනාථ කිරීම සඳහා අනි සහතිකය

    දරු උපතකදී

    • සාමාජික අයදුම්පත්‍රය
    • ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද දරුවාගේ උප්පැන්න සහතිකය
    • ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද විවාහ සහතිකය
    • දරුවාගේ උපතට අදාල දෙකොනි පිටපත
    • යුහ හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
    • ජාතික හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
    • බැංකුපාස් පොතෙහි සහතික කල පිටපතක්

    සාමාන්‍ය රෝහල්ගතකිරීම්, ශල්‍යකර්ම හා බරපතළ රෝග සඳහා ඉදිරිපත් කල යුතු ලිපි ලේඛණ

    • සාමාජික අයදුම්පත්‍රය
    • රෝග නිශ්චය කාඩ්පතේ මුල් පිටපත හෝ රෝහල වෙතින් සහතික කරන ලද පිටපතක්
    • ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද විවාහ සහතිකය (බිරිද/ස්වාමියා රෝහල් ගත කිරිමක් නම් පමණක්)
    • ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද දරුවාගේ උප්පැන්න සහතිකය (දරුවා රෝහල් ගත කිරිමක් නම් පමණක්)
    • බිල්පත් හා රිසිට්පත් වල මුල් පිටපත්
    • විවාහ විම් දෙකොනි පිටපත (කලාත්‍ර රෝහල්ගත කිරිමක් නම් පමණක්)
    • යුහ හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
    • ජාතික හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
    • බැංකුපාස් පොතෙහි සහතික කල පිටපතක්

    හදිසි අනතුරු අවස්ථාවකදී ඇතිවන ආබාධ තත්වයන් සඳහා

    • සාමාජික අයදුම්පත්‍රය
    • දුබලතා රෝග විනිශ්චය වාර්ථාව/වෛද්‍ය මණ්ඩල වාර්ථාවේ මුල් පිටපත
    • යුහ හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
    • ජාතික හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
    • බැංකුපාස් පොතෙහි සහතික කල පිටපතක්

    ඇස් කණ්නාඩි මිලදී ගැනීම සඳහා

    • සාමාජික අයදුම්පත්‍රය
    • රෝග නිශ්චය කාඩිපත/ ආවෛ 58 (වෛද්‍ය පරීක්‍ෂණ වාර්ථාව)
    • සහතික කරන ලද වෛඋසේඅම මුදල් වවුචර් පිටපත
    • බිල්පත් හා රිසිට් පත් වල මුදල් පිටපත්
    • යුහ හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
    • ජාතික හැදුනුම්පතෙහි සහතික කල පිටපතක්
    • බැංකුපාස් පොතෙහි සහතික කල පිටපතක්

    ගමන් වියදම් දීමනා ලබා ගැනීම

    • සාමාජික අයදුම්පත්‍රය
    • රෝග නිශ්චය කාඩිපතෙහි මුල් පිටපත හෝ රෝහල වෙතින් සහතික කරන පිටපත්
    • පිටත් කර හැරිමේ තුන්ඩුවේ මුල් පිටපත හෝ රෝහල වෙතින් සහතික කරන පිටපත්
    • යුහ හැදුනුම්පතෙහි පිටපතක්
    • ජාතික හැදුනුම්පතෙහි පිටපතක්
    • බැංකුපාස් පොතෙහි පිටපතක්
    • ප්‍රා:ලේ වෙතින් සහතික කරන ලද සාමාජිකයාගේ උපපැන්න සහතිකය (අවිවාහක සාමාජිකයින් විසින් දෙමාපිටන් වෙතින් ඉල්ලුම් කරයි නම් පමණක්)
    • දරුවාගේ උප්පැන්න සහතිකය (දරුවන් සඳහා ඉල්ලුම් කිරිමක් නම් පමණක්)
    • විවාහ සහතිකය (බිරිඳ/ස්වාමියා සඳහා)

    ප්‍රතිලාභ ලබාගත නොහැකි අවස්ථා

    • වෛසේඅම වෙතින් අනුමත නොකරනු ලබන රෝග සඳහා කරනු ලබන ප්‍රතිකාර
    • ගබ්සා කිරීම හෝ ඉන් අනතුරුව ඇතිවන අතුරු ආබාධ සඳහා කරනු ලබන ප්‍රතිකාර
    • පවුල් සැලසුම් සැත්කම් සහ ප්‍රතිකාරයන් සඳහා
    • අනිවාර්යය එන්නත් කිරීම්.
    • පංචකර්ම, රූපලාවන්‍ය හා සම්භාහන ප්‍රතිකාර
    • රූපලාවන්‍ය කටයුතු සඳහා සිදුකරන සැත්කම් සහ ප්‍රතිකාර සඳහා
    • වාර්ෂික වෛද්‍ය පරීක්‍ෂණ සහ රෝගී තත්ත්වයක් නොමැතිව සිදුකරනු ලබන වෛද්‍ය පරීක්‍ෂණ සඳහා

    සුභසාධක පරිත්‍යාග මුදල් හිමිගැන්වීම

    • 2020.06.16 වන දින ආරම්භ කරන ලද මෙම ආධාර ක්‍රමය සක්‍රීය සේවයේ යෙදී සිටින සියළුම නිත්‍ය/ස්වෙච්ඡා යුද්ධ හමුදා නිලධාරීන්/සෙසුනිලයින් වෙනුවෙන් සහ ඔවුන්ගේ ලඟම ඥාතීන් හට බරපතල රෝග ඛාණ්ඩ යටතේ වැළදෙන රෝගී තත්වයන් මත ඉතා විශාල මුදලක් වැයවන වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම/ශල්‍යකර්ම සිදුකිරීම සඳහා අවශ්‍ය වන මුදල් යුද්ධ හමුදාව වෙතින් ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුවසහන අරමුදලට අමතරව ක්‍රියාත්මක වේ
    • ඉතා විශාල මුදලක් වැයදරා ප්‍රතිකාර ලබාගැනීමට/ශල්‍යකර්ම සිදුකිරීමට සිදුවන අවස්ථාවන්හිදී ආර්ථිකමය වශයෙන් මුහුණපාන අපහසුතාවයන් මෙන්ම වෙනත් සිවිල් සංවිධාන, ආයතන, අරමුදල් සහ ඉපයීම් මාර්ග වෙතින් අදාල මුදල් ලබාගැනීමට සිදුවීම හේතුවෙන් ඔවුන් පත්වන අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා යුද්ධ හමුදාමය වශයෙන් යම් සහනයක් සලසාදීම මෙහි මූලික අරමුණ වේ.
    • විධායක ජෙනරාල් ශාඛාවේ පූර්ණ අධික්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම සුභසාධක පරිත්‍යාග වැඩසටහන යටතේ වෛද්‍යාධාර වශයෙන් උපරිමය රු.8,000,000.00 දක්වා හිමිගන්වනු ලැබේ.

    විධායක ජෙනරාල් ශාඛාව වෙතින් හිමිගන්වනු ලබන සුභසාධක පරිත්‍යාග වැඩසටහන යටතේ වෛද්‍යාධාර වශයෙන් උපරිමය රු.8,000,000.00 දක්වා හිමිගන්වනු ලැබේ.

    හිමිකම් ඇති අයවළුන්

    සාමාජිකයා විවාහක නම්

    • කලත්‍රයා.
    • අවිවාහක සහ රැකියා විරහිත අවුරුදු 30 අඩු නීත්‍යානුකූලව යුද්ධ හමුදාව පිළිගත් සාමාජිකයාගේ දරුවන් පමණක්.

    සාමාජිකයා අවිවාහක නම්

    • මව සහ පියා.
    • මව හෝ පියා නොමැති නම් යුද්ධ හමුදාව වෙත බැඳීමේදී ප්‍රතිලාභියෙකු ලෙස නම් කර ඇති නීත්‍යානුකූල භාරකරු සඳහා පමණක් හිමිකම් ඇත.

    ඔබ හට වෛද්‍යාධාර මුදල් හිමිවන අවස්ථා සැලකීමේදී,

    • රෝගය පිළිබදව වෛද්‍ය වාර්ථාව සැලකිල්ලට ගනිමින් උපරිමය රු මිලියන 9.5 ක් සුවසහන අරමුදලේ රු මිලියන 1.5 ක මුදලත් ඇතුලත්ව ප්‍රථිලාභ මුදල් පරිත්‍යාගයක් හිමිගැන්වේ.
    • ගෙවනු ලබන මුදල් ප්‍රමාණය සේවයේ යෙදි සිටින සියලුම නිලධාරින් හා සෙසුනිලයන්ගේ වැහාදි වලින් මසකට උපරිමය රු 50/= මුදලක් අනුමැතිය ලබාගත් මසකදී සියළුම යුද්ධ හමුදා නිත්‍ය/ස්වෙච්ඡා නිලධාරි හා සෙසුනිලයන් වෙතින් අයකර ගැනීමට කටයුතු කරනු ලැබේ.
    • මණ්ඩලය මගින් නිර්දේශ කරනු ලබන මුදල ඉදුරාම රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත ලබාදිම.

    දුරකථන අංක:-

    0114050232, 0114050885, 0114050882, 0114050879
    0713158572, 0702691666, 0703158510

    මානි 1 (සුවසහන) – 0766907328

    මානි 11 (විශ්‍රාම අංශය) – 0772916934

      ඊමේල් - suwasahanafund@army.lk , ssfpensionsec@gmail.com

      වට්ස්ඇප් - 0761465154