Header Sinhala

පාසල් අංශය

අයදුම්පත් ඉදිරිපත් කිරීමට සුදුසුකම් ඇති අයවලුන්

  • සක්‍රිය සේවයේ යෙදි සිටින නිත්‍ය සහ ස්වෙච්ජා හමුදාවන්හි සියලුම සාමාජිකයින්.
  • මියගිය නිත්‍ය හා ස්වෙච්ජා හමුදා සාමාජිකයන්ගේ දරුවන් සිටී නම් ඔවුන්ගේ භාරකරුවන් හට.
  • ත්‍රස්‌තවාදි ක්‍රියා හේතුවෙන් ආබාධිතව වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගැන්වු යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ජා හමුදා සාමාජිකයින්.
  • සිවිල් පදනම මත හමුදාගත කර ඇති අයවලුන්.
  • ජාතික ශිෂ්‍ය භඨ බළකා අයවලුන්.
  • දරුවා ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන වර්ෂයට පෙර වර්ෂයේ ජනවාරි මස 31 වන දිනෙන් පසු විශ්‍රාම ලබා ඇති අයවලුන්.
  • තමන්ට දාව දරුවන් නොමැති යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් ඔවුන් වෙනත් දෙමාපියන්ගේ දරුවන් නිත්‍යානුකුලව තම භාරයට ගෙන රැකබලා ගන්නේ නම්, එම දරුවන් වෙනුවෙන් අයදුම්පත් ඉදිරිපත් කළ හැක. (අධිකරණ නියෝගය ඉදිරිපත් කලයුතුයි).

ලකුණු ලබාදීමේ පිළිවෙත

  • යුද්ධ හමුදා සේවා කාලය සඳහා (දිනකට 0.137 වසර 20) ලකුණු 1000 (උපරිම)
  • ක්‍රියාන්විත සේවා කාලය සඳහා (දිනකට 0.821 වසර 15) ලකුණු 4500 (උපරිම)
  • ආබාධිත ප්‍රතිතිශතය සඳහා (100% ක් ආබාධිත (10% 100) ලකුණු 1000 (උපරිම)
  • නිලය සඳහා කුණු 500 (උපරිම)
  • පදක්කම් සඳහා ලකුණු 1500 (උපරිම)
  • ක්‍රිඩා සඳහා ලකුණු 10000 (උපරිම)
  • කලත්‍රයා සඳහා කලත්‍රයා ලකුණු 250 (උපරිම)
  • මියගිය/අතුරුදන් අයවලුන් සඳහා (සේවයට අදාල) ලකුණු 10000

(පාසලක් සඳහා ඇති ඇබෑර්තු සංඛ්‍යාවෙන් 15% කට යටත්ව පුරප්පාඩු සම්පුර්ණ කරනු ලබයි)

නිනොනි සඳහා ලකුණු අඩු කිරීම්

  • දින 01 සිට දින 07 දක්වා - 100
  • දින 08 සිට දින 14 දක්වා - 200
  • දින 15 සිට දින 21 දක්වා - 300
  • දින 22 සිට දින 365 දක්වා - 500
  • දින 366 සිට දින 730 දක්වා - 750
  • දින 731 සිට දින 1095 දක්වා - 1000
  • දින 1096 සහ ඊට වැඩි - 1500

රජයේ පාසල්වල වෙනත් ශ්‍රේණි වෙත ඇතුලත් කිරීම (1 සහ 6 ශ්‍රේණි හැර)

  • එම්ඕඩී/ඩීඊවි/එන්සිඑම්/2018/11 සහ 2018.01.18 දරණ ආරක්‍ෂක අමාත්‍යාංශ ලිපිය.
  • සේවයේ නියුතු හා ආබාධිත විශ්‍රාමික ගන්වා ඇති හා ක්‍රියාන්විත/ ක්‍රියාන්වත නොවන හේතුන් මත මියගිය අයවලුන් සඳහා පමණක් ඉල්ලුම් කල හැකි අතර, පහත සඳහන් ආරක්‍ෂක අමාතයාංශ උපදෙස් ප්‍රකාරව පමණක් ලිපිලේඛණ ඉදිරිපත් කල යුතුයි.
    1. ස්ථාන මාරුවීම් හේතුවෙන්
    2. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හට
    3. විවිධ හේතුන්මත පදිංචිය වෙනස් කිරීම
  • ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන පාසලේ අදාල ශ්‍රේණිය තුළ පුරප්පාඩු ඇති බවට විදුහල්පතිගෙන් ලබාගත් ලිපියක් ඉදිරිපත් කල යුතුය.