Header Sinhala

විදේශ සංචාර රක්‍ෂණය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සක්‍රීය සේවයේ නියුතු නිලධාරි/සෙසුනිලයින් හට රාජකාරි කටයුත්තක් වෙනුවෙන් විදේශ ගතවීමක දී විදේශ ගතවන කාලසීමාව පමණක් ආවරණය වන පරිදි රක්‍ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි රක්‍ෂණ සමාගම් වෙතින් විදේශ සංචාර රක්‍ෂණාවරණයක් ලබා ගැනීමට හැකියාව ඇති අතර, ඒ වෙනුවෙන් යුද්ධ හමුදා රක්‍ෂණ වැය ශීර්ෂය මගින් වෙන්කර ඇති ප්‍රථිපාදනයන් වෙතින් වැයදැරීම සිදුකරයි.

විදේශ සංචාර රක්‍ෂණාවරණයක් ඉල්ලුම් කිරීමේ ලිපිය ලද පසු පහත සඳහන් ලියකියවිලි ඇද්ද යන්න පරික්‍ෂා කිරිම.

  • ආරක්‍ෂක අමාත්‍යංශ ලිපිය.
  • ගුවන් ගමන් බලපත්‍ර පිටපත.
  • ගුවන් ගමන් කාලසටහන පිටපත.