සුවසහන අරමුදලේ සාමාජිකත්වය ලබා සිටින සක්රීය සේවයේ නියුතු යුධ හමුදා සාමාජිකයින් සුවසහන අරමුදලේ ප්රථිලාභ ලබාගැනීම පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාදීම සහ ඒ පිළබද විශ්වාසවන්තභාවය ඇති කිරීමත්, ප්රථිලාභ අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් පසු සාමාජිකයින් හට ප්රථිලාභ ලබා ගැනීමේදී ඇති විය හැකි ප්රමාදය මගහරවාගනිමින් සහ කඩිනමින් සියළුම සාමාජිකයින් හට වඩාත් එලදායී සේවාවක් ලබා දීමටත්, සියළුම රෙජිමේන්තුහි නිළධාරින්/ සෙසුනිළයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2026 ජනවාරි මස 26 දින මෙම අධ්යක්ෂක මණ්ඩල ප්රධාන ශ්රවණාගාරයේදී පවත්වන ලදී.