31st March 2023 14:32:21 Hours
2(සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 20 වන අණදෙන නිලධාරිණිය වශයෙන් මේජර් එස් ජී එම් ප්‍රේමතිලක ශ්‍රීලයුකාබ ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය 2023 මාර්තු මස 31 වන දින 2(සෙව්) ශ්‍රීලයුකාබ මූලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත්වලට අනුකූලව සහ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
30th March 2023 11:09:37 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මුලතිව්) යටතේ ඇති 641 පාබල බලසේනා මූලස්ථානය යටතේ පාලනය වන 14 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු බල ප්‍රදේශය කලාමුරිප්පු ග්‍රාම සේවා වසමේ පිහිටා ඇති කලාමුරිප්පු රජයේ දමිල මිශ්‍ර පාසලෙහි ඉගෙනුම ලබන සිසු සිසුවියන් හා ගුරුභවතුන් හට දිවා ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක් ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මැතිනියගේ මගපෙන්වීම මත 2023 මාර්තු මස 30 වන දින සිදු කරන ලදි. මෙම ව්‍යාපෘතිය සදහා මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබුවේ ඉතාලියේ පදිංචි ඩබ්ලිව් ජාන් විමර්ශණ කුරේරා මහතා විසිනි.
29th March 2023 12:06:58 Hours
2 වන (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 19 වන අණදෙන නිළධාරි ලෙස විශිෂ්ඨ සේවාවක් ඉටු කරන ලද ලුතිනන් කර්නල් ඉන්දික ගම්ලත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාරය පුද කිරීමේ උත්සවයක් 2 වන (සෙව්) ශ්‍රිලයුකාබ මූලස්ථානයේදී 2023 මාර්තු මස 29 වන දින පැවති අතර එහිදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ඒකකයේ භට පිරිස් වෙතින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයක් සමගින් ගෞරවාචාරය පුද කරනු ලැබීය.
27th March 2023 10:47:47 Hours
7 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 7 වන අණදෙන නිළධාරි ලෙස විශිෂ්ඨ සේවාවක් ඉටු කරන ලද ලුතිනන් කර්නල් ඉන්දික ගම්ලත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාරය පුද කිරීමේ උත්සවයක් 7 ශ්‍රිලයුකාබ මූලස්ථානයේදී 2023 මාර්තු මස 27 වන දින පැවති අතර එහිදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ඒකකයේ භට පිරිස් වෙතින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයක් සමගින් ගෞරවාචාරය පුද කරනු ලැබීය.
15th March 2023 21:57:53 Hours
ශ්‍රි ලංකා යුධ හමුදාපතිතුමන්ගේ උපදෙස් පරිදි “ Healthy Army Healthy Nation” යන සංකල්පය පෙරදැරි කර ගනිමින් යුධ හමුදා රෝහල- කොළඔ වෙතින් පවත්වන ලද වැඩසටහනට සමගාමීව 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය තුල 2023 පෙබරවාරි 28 , 2023 මාර්තු 01 හා 07 යන ගතදින තුල විශේෂ වෙද්‍ය සායනයක් සංවිධායනය කරන ලදි
15th March 2023 16:47:17 Hours
මනෝවෛද්‍ය බ්‍රිගේඩියර් ආර් එම් එම් මොණරාගලයුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් “යහපත් පවුල්ජීවිතයක් ගතකිරීමට ඉවහල් වන කරුණු” යනතේමාව ඔස්සේ මනෝවිද්‍යාත්මක දේශණයක් 1 වන ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙනනිලධාරිණියගේ ආරාධනයෙන් 2023 මාර්තු මස 15දින පවත්වන ලදි.
10th March 2023 16:49:02 Hours
1 ශ්‍රිලයුකාබ අණදෙන නිලධාරිණි මේජර් ටී ටී කේ කේ ප්‍රනාන්දු පීඑස්සී ශ්‍රිලයුකාබ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමියගේ මගපෙන්වීම යටතේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව විශේෂ කාන්තා දින වැඩ සටහනක් 2023 මාර්තු මස 10 වන දින සංවිධානය කරන ලදි.
08th March 2023 13:19:06 Hours
මෙම ඒකකය වෙතින් 2023.03.08 වන දිනට යෙදි තිබු ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුම් වස් "ඇය දැයේ අභිමානයයි" යන තේමා පාඨය මුල් කර ගනිමින් ආරක්ෂක සේනා මුලස්ථානය (යාපනය) බළප්‍රදේශය තුළ රාජකාරි කරනු ලබන කාන්තා නිළධාරිණීන්/ සෙබළියන්ගේ මානසික සුවතාවය ඇති කිරිම හා විනෝදාස්වාදය සදහා වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදි.
08th March 2023 11:24:44 Hours
මේජර් ජෙනරාල් UD විජේසේකර RWP RSP USP rcds psc – ආරක්ෂක සේනා ආඥාපති (මුලතිව්) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක ගේ මගපෙන්වීම යටතේ, 2(සෙව්) ශ්‍රිලයුකාබ හි අණදෙන නිළධාරී ඇතුලු ඒකකෙයහි සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් එක්ව ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා 2023 මාර්තු 8 වන දින විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදී.
03rd March 2023 16:57:29 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය තුල සිටින ලද ජ්‍යෙෂ්ඨතම කාන්තා නිලධාරිණියක් වු විශිෂ්ඨ සේවාවක් ඉටු කරන ලද මේජර් චතුරිකා බෝම්බුවල ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය යුද හමුදා සේවය තුළින් විශ්‍රාම යාම නිමිතිකොට ගෙන සිය සේවා කාලය තුළ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙත සිදු කරන ලද විශිෂ්ඨ සේවය ඇගයිම සඳහා විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් සහ සියළුම නිලධාරින්ගේ සහභාගිත්වයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නය තුළදි 2023 මාර්තු 02 දින පවත්වන ලදි.