Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

08th March 2023 11:24:44 Hours

2 වන ස්වේච්ඡා ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම

මේජර් ජෙනරාල් UD විජේසේකර RWP RSP USP rcds psc – ආරක්‍ෂක සේනා ආඥාපති (මුලතිව්) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක ගේ මගපෙන්වීම යටතේ, 2(සෙව්) ශ්‍රිලයුකාබ හි අණදෙන නිළධාරී ඇතුලු ඒකකෙයහි සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් එක්ව ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා 2023 මාර්තු 8 වන දින විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදී.

ඒ අනුව එදින, බළඇණියේ නිලධාරීණියන් සහ කාන්තා සෙබළියන් එක්ව කොක්එළිය විහාරස්ථානයේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී.ඉන් අනතුරුව ඉසින්බැස්සගල විහාරස්ථානයේ බෝධි පූජා පිංකමක් පැවත්වු අතර එම බෝධී පූජා පිංකම මගින් ඒකකයේ සියලුම නිලධාරීන්ගේ, කාන්තා සෙබළියන්ගේ සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ මනස නිරවුල් කිරීමට මෙන්ම රාජකාරි කටයුතු වල ඒකාකාරී බවින් මිදීමට මහත් අස්වැසිල්ලක් විය.

තවද, එදින සන්ධ්‍යාවේ ඒකකයෙහි නිලධාරීනියන් සහ සෙසු නිලයින්ගේ සහයෝගීතාවය වර්ධනය කිරීම උදෙසා කණ්ඩායම් දෙකක සහභාගීත්වයෙන් යුතුව ඒකක අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් ජේ පි ඒ පි ධර්මදාස ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධික්ෂණය යටතේ පැසිපන්දු තරඟාවලියක්ද ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) පැසිපන්දු පිටියේදී පවත්වන ලදි.