10th January 2024 00:28:19 Hours
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පී එන්ඩීයු පිඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරි කාන්තා බලකායේ 24 වන කර්නල් සේනාවිධායක ලෙස සිය ධුරයේ අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කිරිමෙන් අනතුරුව 2024 ජනවාරි මස 06,07 හා 08 යන දිනයන්හිදි කාන්තා බලකා ඒකකයන්හි නිල කඳවුරු සංචාරයක නිරත විම සිදු කරන ලදි.
29th December 2023 14:37:03 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නයෝමි ගුණරත්න මැතිණියගේ උදාර සංකල්පයක් හා මඟපෙන්වීම මත 3 වන ස්වේච්ඡා කාන්තා බළකාය යටතේ රාජකාරි නියුතු ලා/කෝ සුභාෂිණි ඩීඑම්එන් යන කොනොනි වරිය හට අඩුපාඩුවක්ව පැවති නව නිවසක් ඉදිකර ගැනීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය 2023 දෙසැම්බර් 28 වන දින සුභ මොහොතින් සිදු කරන ලදී.
25th December 2023 12:44:29 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නයෝමි ගුණරත්න මැතිණියගේ නායකත්වය හා මඟපෙන්විම මත නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ඇති 3 වන ස්වේච්ඡා ශ්‍රි ලංකා යුධ හමුදා කාන්තා බළකායේ අණදෙන නිලධාරිණි මේජර් හර්ෂි ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරිණියගේ අධික්ෂණය යටතේ එම ඒකක භටපිරිස් විසින් නිකවතලන්ද ගෝතමී පෙර පාසලේ ළමුන් සඳහා අවැසි පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2023 දෙසැම්බර් මස 23 වන සෙනසුරදා දින දෙහිඅත්තකණ්ඩිය - ශාලිකා උත්සව ශාලාවේදී එම පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයට සමගාමීව සංවිධානය කරන ලදි.
12th December 2023 14:15:53 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ 24 වන සභාපතිණිය ලෙස නයෝමි ගුණරත්න මැතිණිය 2023 දෙසැම්බර් මස 12 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථායේදී සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
11th December 2023 15:25:04 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකරන ලද 23 වන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යු ඩි විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සිය ධුරයෙන් නික්ම යන ලදී. එම අවස්ථාව වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සමුගැනීමේ උත්සවයක් 2023 දෙසැම්බර් 11 වන දින පවත්වන ලද අතර එහිදී මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සියළු නිලයන් විසින් එතුමන් වෙත කඳවුරු මුරයක් සහ සියලු නිල තේපැන් සංග්‍රහයක් ලබා දෙන ලදි.
04th December 2023 18:47:14 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලි විජේසේකර මැතිණියගේ මඟපෙන්විම මත 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට අයත් දැනට පාබල සේමුහි යා කිරිම් මත රාජකාරි කරනු ලබන ලා/කෝ අබේගුණවර්ධන වීටි කොනොනියගේ මොළයේ වතුර නමැති රෝගයෙන් රෝගාතුරව එක්තැන්ව ප්‍රථිකාර ලබාගන්නා දියණිය සඳහා රු.63850 වටිනා රෝද පුටුවක් පරිත්‍යාග කිරිම 2023 දෙසැම්බර් 01 වන දින තත් සෙබළියගේ නිවසේදි සිදු කරන ලදි.
21st November 2023 09:26:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ සහ 1ශ්‍රීලයුකාබ යටතේ රාජකාරී නියුතු සියලුම නිළධාරීන් සහ සෙසු නිලයින්ගේ චිත්ත ධෛර්යය සහ මානසික සතුට ඉහල නැංවිම උදෙසා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාව විසින්
16th November 2023 21:14:57 Hours
1වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණි මේජර් ටී ටී කේ කේ ප්‍රනාන්දු පීඑස්සී ශ්‍රිලයුකාබ ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය විසින් නවතමයෙන් ඉදිකරන ලද “ FORMOSA” පාසල් උපකරණ, ඡායාස්ථ පිටපත් සහ මුද්‍රණ අලෙවිසැල 2023 ක් වු නොවැම්බර් මස 08 වන දින අභිනවයෙන් විවෘත කරන ලදී.
15th November 2023 16:58:55 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නොවැම්බර් 17 දිනට යෙදෙන 26 වැනි රෙජිමේන්තු සංවත්සර සැමරුම නිමිති කොටගෙන උදෑසන ‘වරු පිරිත්’ සජ්ඣායනයක් සහ වැඩම කල වදාළ මහා සංඝයා වෙත හීල් දානය (උදෑසන ආහාරය) පිරිනැමීමේ පිංකමක් 2023 නොවැම්බර් මස 11 වන සෙනසුරාදා දින උදෑසන කාලයේ දි බොරැල්ල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විය.
01st November 2023 21:07:59 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මැතිණියගේ සංකල්පයක් හා මඟපෙන්වීම මත ගැබ්ගෙල පිළිකා සහ පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය නිමිතිකොටගෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව මඟින් හරවත් දේශණයක් 2023 ඔක්තෝබර් මස 23 වන සදුදා දින රෙජිමේන්තු මධ්‍යස්ථානය බොරැල්ලහිදී පවත්වන ලදී.