02nd March 2023 14:48:47 Hours
මේජර් ටී ටී කේ කේ ප්‍රනාන්දු පිඑස්සි ශ්‍රිලයුකාබ පළවන ශ්‍රි ලංකා යුධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණි මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයට අයත් කළුඅග්ගල පුහුණු පාසලෙහි නිල කඳවුරු සංචාරයක් 2023 මාර්තු මස 02 වන දින සිදු කරන ලදී. අණදෙන නිලධාරිණිය සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරිමෙන් අනතුරුව සිදු කරන ලද ප්‍රථම සංචාරය මෙය වන අතර එම කඳවුරු සංචාරයේ ප්‍රධාන අරමුණ වුයේ 2023 මාර්තු මස 07 වන දින සිට අප්‍රේල් මස 06 වන දින දක්වා එම පුහුණු පාසලේහි පැවැත්වීමට නියමිත කෝප්රල් සිට සැරයන් දක්වා නිල උසස් කිරිමේ පාඨමාලාවේ මුලික කටයුතු පිලිබදව සොයා බැලීමයි.
21st February 2023 11:36:29 Hours
පළවන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 28 වන අණදෙන නිලධාරිණිය වශයෙන් මේජර් ටී ටී කේ කේ ප්‍රනාන්දු පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය 2023 පෙබරවාරි මස 21 වන දින පළවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා මූලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත් වලට අනුකූලව සහ යුධ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
09th February 2023 14:33:04 Hours
ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිණියන් සහ සෙසු නිලයින්ගේ මෙන්ම යුද්ධ හමුදාවට පරිභාහිර සිවිල් ජනතාවගේ රූපලාවන්‍ය කටයුතු උදෙසා නවතමයෙන් ඉදිකරනු ලබන “Oliveˮ රූපලාවන්‍යාගාරයේ වත්මන් ඉදිකිරීම් තත්වය පිළිබඳ සොයා බැලීම සඳහා රෙම ශ්‍රිලයුකාබ සේවාවනිතා සභාපතිනී ශ්‍යාමලී විජේසේකර මැතිනියගේ සංචාරයක් 2023 පෙබරවාරි මස 06 වන දින සිදුකරන ලදී.
06th February 2023 12:41:17 Hours
පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන 75 වන නිදහස් දින සංවත්සරයට සමගාමීව තා/මේජර් නිලයට හා ලුතිතන් නිලයට උසස්වීම් ලද රෙම ශ්‍රිලයුකාබ රෙජිම්න්තු මධ්‍යස්ථානය යටතේ රාජකාරි නියුතු නිලධාරිණියන් වෙත ආඥාපති, ආරක්ෂක සේනා මුලස්ථානය (මුලතිව්) සහ ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යුඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සුරතින් රෙජිමේන්තු මධ්‍යස්ථානය තුලදී 2023 පෙබරවාරි මස 06 වන දින නිල ලාංඡන පැළඳවීම සිදු කරන ලදී.
17th January 2023 14:31:32 Hours
පළවන ශ්‍රි ලංකා යුධ හමුදා කාන්තා බලකායේ 27 වන අණදෙන නිලධාරිණිය ලෙස විශිෂ්ඨ සේවාවක් ඉටු කරන ලද මේජර් ජේ ආර් පි කේ ගල්හේන ජ්‍යෙෂඨ නිලධාරිණිය වෙත ගෞරවාචාර්ව පුදකිරිමෙි උත්සවයක් බොරැල්ල පිහිටි 1වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා මුලස්ථානයේ දී 2023 ජනවාරි මස 17 වන දින පැවති අතර, එහිදී එම ජ්‍යෙෂඨ නිලධාරිණිය වෙත භඨපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකුල සම්මාන මුරයක් සමගින් ගෞරවාචාරය පුදකරනු ලැබිය. එමෙන්ම සියළු නිලයන් ඇමතීමේ දී එතුමියගේ විශිෂ්ඨ සේවය අගයනු පිණිස එතුමිය වෙත සියළු නිළධාරින් හා සියළු සෙසු නිලයන් වෙතින් සමරු ඵලකයක්ද පිරිනමන ලදි.
10th January 2023 09:05:39 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව විසින් 2023 ජනවාරි 10 වන දින කන්කසන්තුරෙ ඌරණි කණිෂඨ විධ්‍යාලයේ දරුවන්ට අවශ්‍ය පාසල් ද්‍රව්‍ය බෙදා දෙමින් ඔවුන්ගේ හෙට දවස නගා සිටුවීමට අවැසි තවත් මානුෂිය මෙහෙවරක් සිදු කරන ලදි. තවද ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 7 වන බල ඇණියේ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ඔවුන්ගේ දරුවන් සඳහා වියළි සලාක ඇසුරුම් සහ පාසල් ද්‍රව්‍ය බෙදාදීමක් මීට සමගාමීව එහිදි සිදුවිය.
22nd December 2022 10:37:02 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 18 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් ජේ කේ ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 දෙසැම්බර් මස 21 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත් වලට අනුකූලව හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදී.
21st December 2022 10:39:45 Hours
අඥාපති ආරක්ෂක සේනා මුලස්ථානය මුලතිව් සහ ශ්‍රිලංකා යුධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් යු ඩී විජේසේකර ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ සහ ශ්‍රිලංකා යුධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලි විජේසේකර මැතිණියගේ මෙහෙයවිම මත ජාඇල පිහිටි දෝන් බොස්කෝ සෙවනෙහි රැකවරණය ලබන කුඩා දරු දැරියන් 35 දෙනෙකුට සහ එහි කාර්ය මණ්ඩලයට අවැසි ඇදුම් ආයිත්තම්,සුවද විලවුන් සහ චොකලට් සපිරි ත්‍යාග පර්සල් බෙදාදිමේ විශේෂ නත්තල් වැඩසටහනක් 2022 දෙසැම්බර් මස 20 වන දින යුධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛා සභාපතිනි ශ්‍යමලි විජේසේකර මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
12th December 2022 11:43:45 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිණිය ලෙස ශාමලී අමරවීර මැතිණිය 2022 දෙසැම්බර් මස 06 වන දිව බෞද්ධ ආගමික වතාවන් මධ්‍යයේ සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්බ කරන ලදී.
20th March 2021 10:06:20 Hours
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මහජන බැංකු මූලස්ථානයේදී එහි සභාපති සුජීව රාජපක්ෂ මහත්මයාගේ හා ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා හා සියළුම කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සංවිධානය කරනු ලැබු විශේෂ කාන්තා දින උත්සවයක් 2021 මාර්තු මස 08 වන දින උත්කර්ශවත් ආකාරයෙන් පැවැත්විණි.