Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

06th February 2023 12:41:17 Hours

නවතමයෙන් උසස්වීම් ලද නිලධාරිණියන් හට නිල ලාංඡන පැළඳවීම.

පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන 75 වන නිදහස් දින සංවත්සරයට සමගාමීව තා/මේජර් නිලයට හා ලුතිතන් නිලයට උසස්වීම් ලද රෙම ශ්‍රිලයුකාබ රෙජිම්න්තු මධ්‍යස්ථානය යටතේ රාජකාරි නියුතු නිලධාරිණියන් වෙත ආඥාපති, ආරක්ෂක සේනා මුලස්ථානය (මුලතිව්) සහ ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යුඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සුරතින් රෙජිමේන්තු මධ්‍යස්ථානය තුලදී 2023 පෙබරවාරි මස 06 වන දින නිල ලාංඡන පැළඳවීම සිදු කරන ලදී.

එමෙන්ම රෙජිම්න්තු මධ්‍යස්ථානය යටතේ සහ අරසේ රාජකාරී නියුතු අනෙකුත් නිළ උසස් වීම් ලද නිළධාරිණියන් හට ශ්‍රීලයුකාබ හි මධ්‍යස්ථාන සේනාවිධායක සහ අනෙකුත් ජ්‍යෙෂ්‍ඨ නිළධාරීන් විසින් ඔවුන්ගේ නිල ලාංඡන පැළඳවීමද එම නිළධාරිණියන් රාජකාරී කටයුතු කරන අදාළ සේවා ස්ථානයන්හිදී සිදු කරන ලදී.

ඉන් අනතුරුව කර්නල් සේනාවිධායක විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ 1ශ්‍රීලයුකාබහි සෙසුනිලයන්ගේ භට නිවාසයන්හි අධීක්ෂණ චාරිකාවද නිරත විය.