28th March 2019 12:41:03 Hours
හබරණ, සිනමන් ලොජ් හි සේවයේ නියුතු කාන්තාවන් විසින් පිහිටුවන ලද ‘යෙහෙළිය’ කාන්තා සංසදයේ සමාරම්භක උත්සවය 2019 පෙබරවාරි 28 දින පැවැත්විණි. සිනමන් ලොජ් වෙතින් එහි ආරාධිත දේශනය සඳහා ජ්‍යෙෂ්ඨ කාන්තා නිළධාරිණියකගේ සහභාගිත්වය යුද්ධ හමුදාව වෙතින් අපේක්ෂා කරන ලදුව යුද්ධ හමුදාධිපතිගේ නිර්දේශය මත හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කර්නල් සේනාවිධායකගේ මගපෙන්වීම යටතේ කර්නල් බී සී කේ ෆර්ඩිනැන්ඩස් ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය විසින් එම දේශනය පවත්වන ලදී.
11th March 2019 11:50:06 Hours
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණියගේ මඟ පෙන්වීම යටතේ 2019 වර්ෂයේ මාර්තු මස 08 වන දින රාජගිරිය ආයුරුවේද රෝහලේදී ගිලනුන්ට ඔසුපැන් බෙදාදීමේ උත්සවයක් සංවිධානය කොට තිබිණි.
09th March 2019 09:07:14 Hours
රෙජිමේන්තු විධායක අධිකාරිණි ලෙස කටයුතු කල මේජර් එස් ආර් එම් ආර් පී රාජපක්ෂ ජ්‍යෙෂ්ඨ නිළධාරිණිය සිය ධුරයෙන් සමුගැනීමත් විශ්‍රාම යාමත් නිමිති කරගෙන මධ්‍යස්ථාන සේනාවිධායක තුමාගේ සහභාගිත්වයෙන් 2019 පෙබරවාරි මස 26 වන දින තේ...
09th March 2019 08:50:09 Hours
2019.02.27 දින සුභ මොහොතින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව විධායක අධිකාරීණි ලෙස මේජර් ආර්එස්ජේපි රාජපක්ෂ නිළධාරිණිය වැඩ භාරගැනිම සිදුවිය. රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිලයින් ඇය වෙත සුභාශිංසනය එකතු කරන ලදී.
08th March 2019 18:12:02 Hours
2019.02.10 වන දිනට මෙම ඒකකය ස්ථාපිත කර වසර 20 ක් සපිරීම නිමිත්තෙන් ඒකක අණදෙන නිළධාරී මේජර් සී එස් යාපා ආර්එස්පී සබූබ ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත්වලට ප්‍රමුඛත්වය දෙමින් සංවත්සර වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබුණි. ඒ අනුව සංවත්සර දින අණදෙන නිළධාරී හට සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරි නැමීම, සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීම සිදුවිය.
08th March 2019 18:03:46 Hours
5 වන ස්වේච්ඡා කාන්තා බලකාය අභිමානවත් 20 වන සංවත්සරය 2019.02.10 වන දින ඒකක අණදෙන නිළධාරිණිය වන මේජර් බී එච් එස් ප්‍රනාන්දු ශ්‍රිලයුකාබ ජ්‍යෙෂ්ඨ නිළධාරිණියගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා සම්ප්‍රධායන්ට මුල්තැන දෙමින් ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. එදින අණදෙන නිළධාරිණිය හට සම්මාන මුරයක්, සම්මාන පෙලපාළියක්, සියළු නිල තේ පැන් සංග්‍රහයක් සහ සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.