Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

28th March 2019 12:41:03 Hours

කර්නල් බී සී කේ ෆර්ඩිනැන්ඩස් ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය විසින් සිනමන් ලොජ්, හබරණ හි ‘යෙහෙළිය’ කාන්තා සංසද සමාරම්භක උත්සවයේ ආරාධිත දේශනය පවත්වන ලදී.

හබරණ, සිනමන් ලොජ් හි සේවයේ නියුතු කාන්තාවන් විසින් පිහිටුවන ලද ‘යෙහෙළිය’ කාන්තා සංසදයේ සමාරම්භක උත්සවය 2019 පෙබරවාරි 28 දින පැවැත්විණි. සිනමන් ලොජ් වෙතින් එහි ආරාධිත දේශනය සඳහා ජ්‍යෙෂ්ඨ කාන්තා නිළධාරිණියකගේ සහභාගිත්වය යුද්ධ හමුදාව වෙතින් අපේක්ෂා කරන ලදුව යුද්ධ හමුදාධිපතිගේ නිර්දේශය මත හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කර්නල් සේනාවිධායකගේ මගපෙන්වීම යටතේ කර්නල් බී සී කේ ෆර්ඩිනැන්ඩස් ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය විසින් එම දේශනය පවත්වන ලදී.

මෙම දේශණය සිනමන් ලොජ් හි සේවයේ නියුතු කාන්තාවන් සඳහා පවත්වන ලද අතර ඒ වෙනුවෙන් සිනමන් ලොජ්, හබරන හි සාමාන්‍යාධිකාරී, මානව සම්පත් කළමණාකර ඇතුළු කාර්යය මණ්ඩලයට අයත් තවත් අයවළුන්ද සහභාගී වී ඇත.