23rd October 2019 10:08:55 Hours
7 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ අණදෙන නිළධාරිණිය ලෙස මේජර් ජේ ආර් පී කේ ගල්හේන ජ්‍යෙෂ්ඨ නිළධාරිණිය 2019 ඔක්තෝම්බර් මස 17 වන දින වැඩභාර ගන්නා ලදී. මේජර් ජෙනරාල් එම් මුදන්නායක ආර්එස් පී යුඑස්පී, බළකාධිපති තුමන් ඇතුළු සියළුම නිළයින් ඇය වෙත සුභාශිංශන එකතු කරන ලදී.
14th October 2019 10:55:58 Hours
පළවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ 40 වන සංවත්සරය නිමිති කොටගෙන සංවිධානය කරන ලද වැඩසටහන් මාලාවක් 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණී, මේජර් ජී එස් රන්කොට්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීණියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. සම්ප්‍රදායානුකූලව අණදෙන නිලධාරිණිය හට සම්මාන මුරයක් පිරිනැමීමෙන් ආරම්භ කරන ලද මෙම වැඩසටහන් මාලාව සියළු නිලයින්ගේ තේ පැන් සංග්‍රහය, කළුඅග්ගල කඳවුරු භූමියේදී පැවැත්වූ මා පිය වන්දනා වැඩසටහන, සංඝගත දක්ෂිණාව වෙත දහවල් දානය පිරිනැමීම හා සියළු නිලයන්ගේ දිවා භෝජන සංග්‍රහය යනාදි අංග රැසකින් සමන්විත විය.
14th October 2019 09:44:01 Hours
2019 ඔක්තෝබර් මස 01 වන දිනට යෙදුනු ලෝක ළමා දිනයට සමගාමීව මයිලඩි හි උරානි ප්‍රාථමික පාසැලේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී දිළිදු පවුල් වල සිසු දරු දැරියන් සඳහා පාසැල් පොත් බෙදාදීමේ වැඩසටහනක් 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ අණදෙන නිලධාරිණී මේජර් ඩී සී එන් බෝම්ඹුවල ජ්‍යෙෂ්ඨ නිලධාරිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා නිළධාරිණින්, සෙසුනිලයින්, උරානි ප්‍රාථමික පාසැලේ විදුහල්පති ඇතුළු ගුරු භවතුන් පිරිසක්ද සහභාගී විය.
31st July 2019 17:02:03 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 15 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් ඩබ්ලිව් එස් ඒ දිසානායක ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019 ජූලි මස 23 වන දින වැඩ භාරගන්නා ලදි.
25th July 2019 11:43:15 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ (ශ්‍රීලයුකාබ) මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ආර් කේ බී එස් කැටකුඹුර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී සිය ධුරයෙන් සමුගැනීම වෙනුවෙන් ශ්‍රීලයුකාබ සියළුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2019 ජූලි මස 05 වන දින විජයබාහු පාබල රෙජිමේන්තු මධස්ථානයේ ‘සැලියුට්’ උත්සව ශාලාවේදී සමුගැනීමේ උත්සවයක් පැවැත්විණි.
25th July 2019 11:38:54 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ පිලිවෙළින් 3 වන (ස්වේච්ඡා), 4 වන (ස්වේච්ඡා) සහ 5 වන (ස්වේච්ඡා) ඒකකයන්හි අණදෙන නිලධාරිණියන් ලෙස සේවය කරමින් තම ගෞරවාන්විත විසි වසරක යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යනු ලැබූ මේජර් සී විජේතිලක, මේජර් බී එච් එස් ප්‍රනාන්දු සහ මේජර් ජේ පී ගල්ගමුව යන ජ්‍යෙෂ්ඨ නිලධාරිණියන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සියළුම නිලධාරිණියන්ගේ සහභාගීත්වයෙන් 2019 ජූලි 05 වන දින විජයබාහු පාබල රෙජිමේන්තු මධස්ථානයේ ‘සැලියුට්’ ශාලාවේදී සමුගැනීමේ සාදයක් පැවැත්විනි.
01st June 2019 22:05:56 Hours
29th May 2019 07:31:28 Hours
30th April 2019 07:30:56 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් වාර්ෂිකව පවත්වනු ලබන අවුරුදු උත්සවය මෙවරද 2019 අප්‍රෙaල් මස 07 වන දින කලුඅග්ගල කදවුරේ දී පැවැත්විණි. අවුරුදු උත්සවය සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සෙaනාවිධායක බ්‍රිගෙඩියර් අdර් කෙa බී එස් කැටකුඹුර ආර්ඒස්පී හා එම මැතිණියද සහභාගී වූ අතර පළමුවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා අණදෙන නිලධාරිණී මේජර් ජී ඒස් රන්කොත්ගේ විසින් ඔවුන් පිළිගන්නා ලදී.
01st April 2019 18:44:38 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 2019 වර්ෂයේ (1 වන කාර්තුව) නිළධාරී පුහුණු වැඩසටහන මේජර් ජෙනරාල් එම් මුදන්නායක ආර්එස්පී යූඑස්පී බළකාධිපති ශ්‍රීලයුකාබ සහ බ්‍රිගේඩියර් ආර් කේ බී එස් කැටකුඹුර ආර් එස් පී මධ්‍යස්ථාන සේනාවිධායක ශ්‍රීලයුකාබ සහ ජ්‍යෙෂ්ධ නිළධාරින්ගේ අධික්ෂණය සහ මඟපෙන්වීම යටතේ 2019 මාර්තු 29 දින විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි පවත්වන ලදී.