Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

31st July 2019 17:02:03 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 15 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් ඩබ්ලිව් එස් ඒ දිසානායක ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි පත් වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 15 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් ඩබ්ලිව් එස් ඒ දිසානායක ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019 ජූලි මස 23 වන දින වැඩ භාරගන්නා ලදි.

රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී නව මධ්‍යස්ථාන සේනාවිධායක හට සම්මාන මුරයක් ප්‍රදානය කල අතර, ආගමික වතාවත් මධ්‍යයේ කර්නල් ඩබ්ලිව් එස් ඒ දිසානායක ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සුභ මොහොතින් වැඩ ආරම්භ කරන ලදි.

පත් වූ නව මධ්‍යස්ථාන සේනාවිධායක පිලිගැනීම සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියළු නිලයින් විසින් තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ අතර, එහිදී නව මධ්‍යස්ථාන සේනාවිධායක විසින් සියළු නිලයින් අමතන ලදී.