Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

01st April 2019 18:44:38 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 2019 වර්ෂයේ නිලධාරි පුහුණු වැඩසටහන 2019.03.29 වන දින බෝයගන කුරැණෑගල හිදී සාර්ථකව පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 2019 වර්ෂයේ (1 වන කාර්තුව) නිළධාරී පුහුණු වැඩසටහන මේජර් ජෙනරාල් එම් මුදන්නායක ආර්එස්පී යූඑස්පී බළකාධිපති ශ්‍රීලයුකාබ සහ බ්‍රිගේඩියර් ආර් කේ බී එස් කැටකුඹුර ආර් එස් පී මධ්‍යස්ථාන සේනාවිධායක ශ්‍රීලයුකාබ සහ ජ්‍යෙෂ්ධ නිළධාරින්ගේ අධික්ෂණය සහ මඟපෙන්වීම යටතේ 2019 මාර්තු 29 දින විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි පවත්වන ලදී.

නිළධාරි පුහුණු වැඩසටහන ශාරීරික අභ්‍යාස පුහුණුව , අසි සරඔ සහ අංගයන්ගෙන් ආරම්භ කරන ලද අතර මේජර් ජෙනරාල් එම් මුදන්නායක ආර්එස්පී යූඑස්පී බළකාධිපතිතුමන් විසින් නිළධාරිණියන් අමතා කල දේශණය ඉතා ප්‍රයෝජනවත් කරුණු රැසකින් සමන්විත විය.

සංජීව රත්නායක මහතා විසින් ශාරිරික යෝග්‍යතාව පවත්වාගෙන යා යුතු ආකාරය සහ ලුතිනන් කර්නල් එම් ඩී එස් ඩබ් කරුණාරත්න විසින් වාර්ෂික රහස්‍ය වාර්ථා යන මාතෘකා ඔස්සේ සිදුකල සාරවත් දේශනයෙන් නිළධාරිණියක්ගේ දැනුම වර්ධණයට අතිශයෙන්ම ප්‍රථිඵලදායක විය.

විජයබාහු පාබල රෙජිමේන්තු, ‘සැලියුට්’ ශාලාවේදී පැවති ‘Dinners Club’ හිදි මානව කුසලතා යන මාතෘකාව යටතේ කැළණිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා මුල්‍ය කළමනාකරණ අංශයේ කතිකාචාර්ය බී කේ එච් ඩී අනුරංග මහතා විසින් පවත්වන ලද දේශණය සමඟ නිළධාරී පුහුණු වැඩසටහන නිමාවට පත් විය.

නිළධාරිණියන් 73 ක් සහභාගිත්වයෙන් පැවති මෙම ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා නිළධාරී පුහුණු වැඩසටහන , විජයබාහු පාබල රෙජිමේනතු නිළධාරී පුහුණු වැඩසටහන හා සමඟාමීව පැවැත්වීම ඒ සඳහා සහභාගී වූවන්ට සුවිශේෂී අත්දැකීමක් එක් කරන්නට සමත් විය.