Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

25th July 2019 11:43:15 Hours

නික්මයන මධ්‍යස්ථාන සේනාවිධායකතුමාගේ සමුගැනීමේ සාදය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ (ශ්‍රීලයුකාබ) මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ආර් කේ බී එස් කැටකුඹුර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී සිය ධුරයෙන් සමුගැනීම වෙනුවෙන් ශ්‍රීලයුකාබ සියළුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2019 ජූලි මස 05 වන දින විජයබාහු පාබල රෙජිමේන්තු මධස්ථානයේ ‘සැලියුට්’ උත්සව ශාලාවේදී සමුගැනීමේ උත්සවයක් පැවැත්විණි.

මේජර් ජෙනරාල් එම් මුදන්නායක ආර්එස්පී යූඑස්පී - බලකාධිපති ශ්‍රීලයුකාබ, යන ජ්‍යෙෂ්ඨ නිලධාරීද මෙම අවස්ථාවට සහභාගි වු අතර තම ධුර කාලය තුල ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙත සිදු කරන ලද සේවය අගයනු වස් ශ්‍රීලයුකාබ හි සියළු නිලධාරීන් වෙනුවෙන් බලකාධිපති විසින් නික්ම යන මධ්‍යස්ථාන සේනාවිධායක හට සමරු තිලිණයක් ප්‍රදානය කරන ලදි.

තවද මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කල මේජර් ජෙනරාල් ආර් කේ බී එස් කැටකුඹුර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවය නිම කර, නික්මයනු ලැබු 2019 ජුලි මස 10 වන දින කාන්තා බලකාය වෙනුවෙන් සිදුකල අනගි මෙහෙවර වෙනුවෙන් තම කෘතඥතාවය පලකරනු වස් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවයේ නියතු නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදී.