Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

20th March 2021 10:06:20 Hours

1 වන ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බළකායේ අණදෙන නිලධාරීණිතුමිය විශේෂ කාන්තා දින උත්සවයක් සඳහා සහභාගි වීම

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මහජන බැංකු මූලස්ථානයේදී එහි සභාපති සුජීව රාජපක්ෂ මහත්මයාගේ හා ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා හා සියළුම කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සංවිධානය කරනු ලැබු විශේෂ කාන්තා දින උත්සවයක් 2021 මාර්තු මස 08 වන දින උත්කර්ශවත් ආකාරයෙන් පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 වන ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බළකායේ අණදෙන නිලධාරීණිතුමිය වන මේජර් ඩී සී එන් බෝඹුවල ජ්‍යෙෂ්ඨ නිලධාරීණීතුමිය යුසේලේෂා අනුමැතිය මත (යුසේලේෂා/පා/43/03 (සිවිල්) හා 031550 (2021/03) දිනැති යුසේලේෂා සංඥාව ) සහභාගී වු අතර ඇයගේ අත්දැකීම් ඔවුන් හා බෙදාගනිමින් ඉතා අනගි දේශනයක් එදින උත්සවයේදී පවත්වන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තාට අමතරව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනිය වන පී එම් ජේ වයි ජී ප්‍රනාන්දු, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි කුමුදිනී හේරත්, දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි චම්පා වීරසිංහ, ප්‍රවීණ කලාකාරීණී රේණුකා බාලසුරිය හා රජයේ කාන්තා නිලධාරීනින් සහ විද්වතුන් රැසක් මෙම උත්සවයට සහභාගී වී ඇත.