Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

02nd March 2023 14:48:47 Hours

පළවන ශ්‍රි ලංකා යුධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණියගේ කළුඅග්ගල පුහුණු පාසලේ කඳවුරු සංචාරය

මේජර් ටී ටී කේ කේ ප්‍රනාන්දු පිඑස්සි ශ්‍රිලයුකාබ පළවන ශ්‍රි ලංකා යුධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරිණි මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයට අයත් කළුඅග්ගල පුහුණු පාසලෙහි නිල කඳවුරු සංචාරයක් 2023 මාර්තු මස 02 වන දින සිදු කරන ලදී. අණදෙන නිලධාරිණිය සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරිමෙන් අනතුරුව සිදු කරන ලද ප්‍රථම සංචාරය මෙය වන අතර එම කඳවුරු සංචාරයේ ප්‍රධාන අරමුණ වුයේ 2023 මාර්තු මස 07 වන දින සිට අප්‍රේල් මස 06 වන දින දක්වා එම පුහුණු පාසලේහි පැවැත්වීමට නියමිත කෝප්‍රල් සිට සැරයන් දක්වා නිල උසස් කිරිමේ පාඨමාලාවේ මුලික කටයුතු පිලිබදව සොයා බැලීමයි.

කපිතන් එම් එස් එච් පෙරේරා පුහුණු පාසලෙහි ප්‍රධාන උපදේශිකාව විසින් අණදෙන නිලධාරිණිය පිළිගන්නා ලද අතර මෙහිදි සෙබලියන්ගේ භඨ නිවාස, සෙසුනිල භෝජනාගාරය, විරුලිය ජන අවන්හල ඇතුළු සෙබලියන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලදී.