Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

22nd May 2024 17:41:06 Hours

ශ්‍රිලයුකාබ සේවා වනිතා ශාඛාව 7ශ්‍රිලයුකාබ සමඟින් එකට එක්ව තවත් සමාජ මෙහෙවරක් දියත් කෙරේ

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි උදුලා කස්තුරිමුදලි මැතිණියගේ සංකල්පයක් මත ගර්භනි සෙබළියන්ගේ සුභසාධනය නැංවිමේ අරමුණින් එම සෙබලියන් හට වියළි සළාක මලු හා අත්‍යවශ්‍ය ළදරු භාණ්ඩ පිරිනැමීමේ වැඩසටහනක් 2024 මැයි මස 14 වන දින 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා කදවුරු පරිශ්‍රෙය්දි පැවැත්විණි.

තවද, මෙයට සමගාමීව ඒකකයේ සියළු නිලයන් වෙනුවෙන් ‘යුද්ධ හමුදා ජීවිතය ප්‍රීතිමත්ව ගත කරමු’ යන හරවත් තේමාව ඔස්සේ දේශණයක් ද පැවැත් වූ අතර මෙම වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි උදුලා කස්තුරිමුදලි මැතිණියගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථක අන්දමින් නිමාවට පත් විය.