Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

08th March 2023 13:19:06 Hours

2023 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව 7 ශ්‍රිලයුකාබ වෙතින් පවත්වන ලද විශේෂ වැඩසටහන් මාලාවක්

මෙම ඒකකය වෙතින් 2023.03.08 වන දිනට යෙදි තිබු ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුම් වස් "ඇය දැයේ අභිමානයයි" යන තේමා පාඨය මුල් කර ගනිමින් ආරක්ෂක සේනා මුලස්ථානය (යාපනය) බළප්‍රදේශය තුළ රාජකාරි කරනු ලබන කාන්තා නිළධාරිණීන්/ සෙබළියන්ගේ මානසික සුවතාවය ඇති කිරිම හා විනෝදාස්වාදය සදහා වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදි.

මෙම බළ ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන සියලුම ඒකකයන්හි කාන්තා සෙබළියන් මෙම වැඩසටහන් මාලාව සදහා සහභාගිවු අතර , ආරක්ෂක සේනා මුලස්ථානය (යාපනය) ආඥාපති තුමන් විසින් සියලුම භඨ පිරිස් ආමන්ත්‍රණය කර කාන්තා දිනයේ ඇකි වැදගත්කම, යුධ හමුදා සාමාජිකාවක් වශයෙන් තම රාජකාරි ඉටුකිරිම පිළිබද දැනුවත් කළ අතර, කන්කසන්තුරය පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරික්ෂක විසින් ළමා හා කාන්තා අයිතිවාසිකම් පිළිබදව හරවත් දේශණයක් ආසේමු(යා) දේශන ශාලාවෙහිදි පවත්වන ලදි. ඒ සදහා සියළුම ඒකක නියෝජනය කරමින් නිළධාරිණින්/සෙබළියන් 09x205 ක ප්‍රමාණයක් සහභාගි වන ලදි.

තවද ඉහත සදහන් වැඩසටහන් මාලාවට සියළුම ඒකක වල දායකත්වයෙන් සහා මෙම ඒකක පුර්ණ අධික්ෂණය යටතේ පැවැත්වු එළවලු හා පළතුරු නිර්මාණ තරඟාවලිය සහ අත්කම් නිර්මාණ තරඟාවලියද සෙසු ඒකක සහභාගිත්වයෙන් පැවැත්වු අතර, ජයග්‍රාහකයින් දිරිමත් කිරිම සදහා ත්‍යාග ප්‍රධානය කරන ලදි.

ඉන් අනතුරුව මෙම බළ ප්‍රදේශයේ ඒකකයන්හි රාජකාරි කරනු ලබන කාන්තා සෙබළීයන් වෙනුවෙන් කණ්ඩායම් 09 ක සහභාගිත්වයෙන් පැවැත්වු අත්පන්දු තරඟාවලියේ මුලික වටයේ තරඟ 2023.03.06 වන දින ආසේමු (යා) ගෘහස්ථ අත්පන්දු ක්‍රිඩා පිටියේදි පැවැත්වු අතර, එහි අවසන් මහා තරඟය අසේමු(යා) යුහ ගොවිපළ සහ 7 ශ්‍රිලයුකාබ (ඒ කණ්ඩායම) අතර පවත්වන ලදි. එහිදී ශුරතාවය 7 ශ්‍රිලයුකාබ (ඒ කණ්ඩායම) ද, අනු ශුරතාවය අසේමු(යා) යුහ ගොවිපළ ද, තෙවන ස්ථානය මානුෂවාදි බිම් වෙඩි ඉවත් කිරිමේ කාන්තා කණ්ඩායම විසින් හිමි කරගන්නා ලද අතර ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් ආරක්ෂක සේනා මුලස්ථානය (යාපනය) ආඥාපති තුමන් හා එම මැතිණිය වන වර්තමාන ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සේවා වනිතා සභාපතිනිය වන වෛද්‍ය හර්ෂනි බෝතොට මහත්මියද සහභාගි විය.

එදින පැවති වැඩසටහන් මාලාවේ අවසාන අංගය වශයෙන් සියළු නිළ සහභාගිත්වයෙන් සංගීත ප්‍රසංගයක් පැවැත්වු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් ආරක්ෂක සේනා මුලස්ථානය (යාපනය) ආඥාපති තුමන් හා එම මැතිණිය සහභාගි වන ලදි.