Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

03rd March 2023 16:57:29 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය තුළ විශිෂ්ඨ සේවාවක් ඉටු කරන ලද මේජර් චතුරිකා බෝම්බුවල ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය වෙත ගෞරවාචාර

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය තුල සිටින ලද ජ්‍යෙෂ්ඨතම කාන්තා නිලධාරිණියක් වු විශිෂ්ඨ සේවාවක් ඉටු කරන ලද මේජර් චතුරිකා බෝම්බුවල ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය යුද හමුදා සේවය තුළින් විශ්‍රාම යාම නිමිතිකොට ගෙන සිය සේවා කාලය තුළ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙත සිදු කරන ලද විශිෂ්ඨ සේවය ඇගයිම සඳහා විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් සහ සියළුම නිලධාරින්ගේ සහභාගිත්වයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නය තුළදි 2023 මාර්තු 02 දින පවත්වන ලදි.

එම අවස්ථාවේදි, මෙම බළකාය වෙත තත් ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය සිදු කරන ලද විශිෂ්ඨ සේවය අගයනු වස් කර්නල් සේනාවිධායකතුමන් සහ ශ්‍රිලයුකාබ සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමිය ඇතුළු සියළු නිලයන් වෙතින් විශේෂ සමරු තිලිණයක් ඇය වෙත පිරිනමන ලද අතර, එහිදි ඇය විසින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය වෙනුවෙන් පුද්ගලික මුල්‍ය පරිත්‍යාගයක්ද ප්‍රධානය කරන ලදි.