Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

30th March 2023 11:09:37 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ‌‌සේවා වනිතා ශාඛාවේ තවත් සමාජ මෙහෙවරක්

ආරක්‍ෂක සේනා මූලස්ථාන‌ය (මුලතිව්) යටතේ ඇති 641 පාබල බලසේනා මූලස්ථානය යටතේ පාලනය වන 14 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු බල ප්‍රදේශය කලාමුරිප්පු ග්‍රාම සේවා වසමේ පිහිටා ඇති කලාමුරිප්පු රජයේ දමිල මිශ්‍ර පාසලෙහි ඉ‌ගෙනුම ලබන සිසු සිසුවියන් හා ගුරුභවතුන් හට දිවා ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක් ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මැතිනියගේ මගපෙන්වීම මත 2023 මාර්තු මස 30 වන දින සිදු කරන ලදි. මෙම ව්‍යාපෘතිය සදහා මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබුවේ ඉතාලියේ පදිංචි ඩබ්ලිව් ජාන් විමර්ශණ කුරේරා මහතා විසිනි.

මෙහිදී 641 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩීබීඑල් කොළොන්නේ යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 641 පාබසේමු සිවිල් සම්බන්ධීකරණ නිලධාරි හා 14 ශ්‍රිලංසිරෙ ඒකක අණදෙන නිලධාරිගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ශ්‍රිලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මැතිනියගේ ප්‍රධානත්වයෙන් , 4 (සෙව්) ශ්‍රීලයුකාබ ඒකකයේ මෙන්ම 14 ශ්‍රිලංසිරෙ ඒකකයේ නිලධාරි හා සෙසු නිලයන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කරන ලදි.