Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

27th March 2023 10:47:47 Hours

7 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 7 වන අණදෙන නිළධාරි ලෙස විශිෂ්ඨ සේවාවක් ඉටු කල ලුතිනන් කර්නල් ඉන්දික ගම්ලත් වෙත ගෞරවාචාරය පුද කරනු ලැබීය.

7 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 7 වන අණදෙන නිළධාරි ලෙස විශිෂ්ඨ සේවාවක් ඉටු කරන ලද ලුතිනන් කර්නල් ඉන්දික ගම්ලත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාරය පුද කිරීමේ උත්සවයක් 7 ශ්‍රිලයුකාබ මූලස්ථානයේදී 2023 මාර්තු මස 27 වන දින පැවති අතර එහිදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ඒකකයේ භට පිරිස් වෙතින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයක් සමගින් ගෞරවාචාරය පුද කරනු ලැබීය.

එමෙන්ම සියළු නිලයන් ඇමතීමේදි එතුමාගේ විශිෂ්ඨ සේවය අගය කරනු පිනිස එතුමන් වෙත සියළු නිලයන් වෙතින් සමරු පලකයක්ද පිරිනමන ලදි.