Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය

සවි බල සිත් අවි බල දෙත්

10th March 2023 16:49:02 Hours

පළවන ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම

1 ශ්‍රිලයුකාබ අණදෙන නිලධාරිණි මේජර් ටී ටී කේ කේ ප්‍රනාන්දු පීඑස්සී ශ්‍රිලයුකාබ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමියගේ මගපෙන්වීම යටතේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව විශේෂ කාන්තා දින වැඩ සටහනක් 2023 මාර්තු මස 10 වන දින සංවිධානය කරන ලදි.

වැඩසටහන ආරම්භයේ ආචාර්‍ය ප්‍රියංගනී ජයසුන්දර මහත්මිය විසින් කාන්තාවක් වශයෙන් සමාජය තුළ ජීවත් වන්නේ කෙසේද ව්‍යවසායක රැකියාවක නිරත වන්නේ කෙසේද යන්න පිළිබඳ හරවත් දේශනයෙන් අනතුරුව ලංකාවේ රෙසින් කලාවෙහි නමක් දිනා ගනු ලැබූ අමිල රණසිංහ මහතා සහ චංචලා සුභාෂිණි මැතිනිය යන දෙපල විසින් රෙසින් කලාව පිළිබඳව හා එය ප්‍රායෝගිකව සිදු කරගන්නා ආකාරය පිළිබඳව හදුන්වා දෙනලදි. වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂි අංගයක් ලෙස කාන්තාවකගේ වටිනාකම කුමක්ද යන්න පිළිබඳව සිංහල සාහිත්‍ය අර්ථාන්විතව තම දේශනයට ගලපා ගනිමින් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පතිතුමන් වන කසුන් ගුණරත්න මැතිතුමන්ගේ දේශනයක්ද ඉන් අනතුරුව ශ්‍රී ලංකා මහජන බැංකුව විසින් මූල්‍ය කළමණාකරනය යන හරවත් තේමාව ඔස්සේ දේශනයක් සිදු කර නව ගිණුම් විවෘත කරන්නන්හට ඒ සදහා අවස්ථාව ලබා දෙන ලදි.

මෙහි අවසන් අංගය ලෙස කාන්තා සෙබලියන් ඒකාකාරි බවින් මුදවා ඔවුන්ට විනෝදාස්වාදයක් ලබාදීම වෙනුවෙන් සංගීත වැඩසටහනක් ද පවත්වන ලදි. ඒ අනුව කාන්තා දිනයට සමගාමීව සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන අවසානයේදී සහභාගී වූවන් හට සමරු තිළිණයක් ද පිළිගැන්වූ අතර එය ඉතා සාර්ථක අයුරින් නිමාවට පත්විය.