09th August 2024 12:27:13 Hours
2024 මැයි මස 15 වන දින විරු කැකුළු පෙර පාසල- පනාගොඩ හි වෙසක් භක්ති ගීත වැඩසටහනක් බෝධිරාජාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පෙරපාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකා සමංකා ප්‍රනාන්දු මහත්මිය ද සහභාගි විය.
09th August 2024 12:03:27 Hours
14 පාබල සේනාංක විසින් පාලනය වන 2 (සෙවි) ශ්‍රී ලංකා පාබල හමුදාවේ දේශන ශාලාවේ 2024 මැයි 8 වන දින පුහුණු වැඩසටහනට සමගාමිව සංවිධානය කරන ලද ආර්ථික ප්‍රශ්න විසඳීම, සෞඛ්‍ය සම්පන්න පවුල් ජීවිතයක් පවත්වාගෙන යාම, මානසික ආතතිය පාලනය කිරීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම පිටුදැකීම ඇතුළු විවිධ මාතෘකා ඔස්සේ ශ්‍රි ලංකා යුද හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්යක්ෂ මණ්ඩලයේ විශේෂඥ මනෝ වෛද්‍ය බ්‍රිගේඩියර් ආර්.එම්.එම් මොනරාගල යූ.එස්.පී, උපදේශක සායනික මනෝවිද්‍යා ලුතිනන් කර්නල් යූ.ජී. මල්ලවාරච්චායි ආර්.එස්.පී.යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් දේශන පැවැත්විණි.
14 පාබල සේනාංක විසින් පාලනය වන සියලු ඒකක නියෝජනය කරමින් නිලධාරීන් 8 දෙනෙකු සහ සෙසු නිලයින් 160 දෙනෙකු ද මෙම දේශන සදහා සහභාගී විය.
09th August 2024 11:21:31 Hours
කිරිඳිවැල, කුට්ටිවිල ප්‍රදේශයේ පදිංචි අසරණ පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයක් 2024 මැයි මස 09 දින පැවැත්විය.
02nd August 2024 13:08:47 Hours
14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩබ්.එන්.එච් බණ්ඩාරනායක යූ.එස්.පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ගේ සංකල්පයනට අනුව සේනාංකයේ භට පිරිස් සඳහා සුභසාධන පහසුකම් නංවාලීම සදහා පාබල සේනාංක මූලස්ථානයේ රෙදි සෝදන ස්ථානයක් 2024 මැයි 07 වන දින විවෘත කර ඇත.
02nd August 2024 12:42:33 Hours
142 පාබල බලසේනාවේ 37 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩීඑස්එස් රදලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 මැයි 6 වන දින කොහුවල බලසේනා මූලස්ථානයේදී රාජකාරි භාර ගන්නා ලදී.
02nd August 2024 12:19:26 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) ලෙස කර්නල් එස් ඩී එන් සී ද සිල්වා යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2024 මැයි මස 03 වන දින සුබ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.
01st August 2024 17:23:29 Hours
බූස්ස ප්‍රදේශයේ ස්ථාපිත 61 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න ආර්එස්පී 2024 අප්‍රේල් 24 වන දින ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි භාරගත්තේය.
01st August 2024 16:53:49 Hours
ක ර් න ල් එච් එම් ජේ ඩබ්ලිව් බණ්ඩාර ආර්එස්පී යූඑස්පී පීඑස්සී ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ක ර් න ල් ප්‍රධාන මාණ්ඩලික ලෙස 2024 අප්‍රේල් 22 වන දින උතුම් තෙරුවන් සරණින් වැඩ භාර ගන්නා ලදී.
නව පත්වීමේ රාජකාරී භාරගැනීම සම්බන්ධයෙන් නව පත්වීම් ලද ක ර් න ල් ප්‍රධාන මාණ්ඩලික වෙත ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සිය සුභාශිංසන පළ කරන ලදී.
01st August 2024 11:39:49 Hours
2024 අප්‍රේල් 5 වන දින යුද්ධ හමුදාධිපතිතුමාගේ අවසරය ඇතිව 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ මගපෙන්වීම මත 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී සුභූති ජාතික පාසලේ ශිෂ්‍ය නායකයින් 63 දෙනෙකු සඳහා නායකත්ව කඳවුරක් පවත්වන ලදී. බත්තරමුල්ල ජාතික පාසල. වැඩසටහනට විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් විය.
01st August 2024 10:32:53 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් පසුගිය බදාදා (අප්‍රේල් මස 17) දින ඉංජිනේරු සේවා රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශන ශාලාවේදී දේශන මාලාවක් පවත්වන ලදී.