Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

16th June 2025 12:04:24 Hours

61 පාබල සේමු යටතේ රුක්රෝපණ වැඩසටහන් පැවැත්විම

2025 ජුනි 05 වන දින ලෝක පරිසර දිනයට සමගාමීව, ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) ආඥාපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ටී පී ද සිල්වා ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි රුක් රෝපන වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.

මෙම වැඩ සටහන් 572 වන පාබල බලසේනාව, 11 වන ගැමුණු හේවා බළකාය සහ 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ භට පිරිස් විසින් සංවිධානය කරන ලදී. පාරිසරික සංරක්ෂණය සහ තිරසාරභාවය සඳහා ඔවුන්ගේ කැපවීම පෙන්නුම් කරමින් නිලධාරින් 06 දෙනෙකු සහ සෙසුනිලයින් 75 දෙනෙකු මෙම වැඩසටහන් සඳහා ක්‍රියාකාරීව සහභාගී වූහ.