Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

57 පාබල සේනාංකය

57 පාබල සේනාංකාධිපති


මේජර් ජෙනරාල් ඩබ්එම්පීඑම් විජේසුරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු

බළප්‍ර‍දේශය පිලිබද හැදින්වීම

පාබල සේනාංක බළප්‍රදේශය 57 (15) වයඹ සහ සබරගමුව පළාත්වලට අයත් කුරුණෑගල, පුත්තලම සහ කෑගල්ල යන ප්‍රධාන දිස්ත්‍රික්ක තුනකින් සමන්විතය.සේනාංක බළප්‍රදේශය මුළු භූමි ප්‍රමාණයෙන් 9581 Km2 තුල ව්‍යාප්තවේ. මෙම ප්‍රධාන පරිපාලන දිස්ත්‍රික්ක තුනෙහි ආසන්න වශයෙන් පුද්ගලයින් 3,560,630ක පමණ ජනගහනයක් වාසය කරයි. සේනාංක බළප්‍රදේශය තුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 57කින් සමන්විත වේ. සීතාවක ගඟ, මාඔය සහ දැදුරුඔය බළප්‍රදේශය හරහා ගලා බසින ප්‍රධාන ගංගා වේ. සියලුම ජාතීන් බළප්‍රදේශය තුල ජීවත්වේ, කෑගල්ල දිස්ත්‍රික්කයෙහි ආරක්‍ෂාව සඳහා 611 (151) පාබල බසේමුද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආරක්‍ෂාව සඳහා 571 (152) පාබල බසේමු සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ආරක්‍ෂාව සඳහා 143 (153) පාබල බසේමු වශයෙන් දිස්ත්‍රික්කවල පාබල බසේමු ස්ථානගතව ක්‍රියාන්විත පාලන හා සිවිල් සම්බන්ධිකරණ රාජකාරින් ඉටුකරනු ලබයි.

57 පාබල සේමු හි ඉතිහාසය

  • වන්නි මානුෂීය මෙහෙයුමේදී 57 වන සේනාංකයේ පළවන සේනාංකාධිපති වන බ්‍රිගේඩියර් සුමිත් මානවඩු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නායකත්වය යටතේ 57 පාබල සේමු 2007 පෙබරවාරි මස 26 වන දින පම්පෙමඩු හිදී මෙම සේමු ස්ථාපිත කරන ලදි.
  • පසුව මේජර් ජෙනරාල් ජගත් ඩයස් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩිසී යන සේනාකාධිපතිගේ අණදිම යටතේ කිලිනොච්චිය නගරය සහ එහි තදාසන්න ප්‍රදේශ අත්පත් කර ගැනීමේ පුරෝගාමියා වූයේ මෙම සේනාංකයයි.
  • අනතුරුව 57 පාබල සේමු විසින් කිලිනොච්චිය නගරය අල්ලා ගැනීමෙන් පසු ප්‍රහාරක මෙහෙයුම් නතරකර, පසුව සේනාංකය කිලිනොච්ච්ය නගරයේ ස්ථානගත කර 2023 දක්වා එම ස්ථානයේ රාජකාරි ඉටුකරන ලදි.
  • යුද හමුදා ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ සටහනට සමගාමීව, 57 පාබල සේමු මල්ලාවි - තුණුක්කායි 65 සේනාංක මුලස්ථාන‍ කදවුරේ ස්ථානගතව 2024 අගෝස්තු 12 වන දින දක්වා එම ස්ථානයේ රාජකාරි ඉටුකරන ලදි.
  • තවද යුද හමුදා ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට අනුව යුහමු වෙතින් ලබාදුන් උපදෙස් මත මෙම පාබල සේමු කුරුණෑගල දිස්ත්‍රික්කය වෙත ගොස් 2024 අගෝස්තු 12 සිට ආසේමු (බටහිර) යටතේ පාන්ගොල්ල කදවුරේ ස්ථිර වශයෙන් ස්ථානගත කර එම බල ප්‍රදේශයේ ආරක්‍ෂක රාජකාරින් ඉටුකරනු ලබයි.

57 පාබල සේනාංකයේ සේනාංකාධිපතිවරු ලෙස මේ දක්වා රාජකාරි කල ජ්‍යෙෂ්ඨ නිලධාරින්

මේජර් ජේනරාල් එස්ආර් මානවඩු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සි අයිජි
2007 පෙවරවාරි 26 සිට 2007 ජුනි 12

මේජර් ජේනරාල් එන්ඒජේසි ඩයස් ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩිසි
2007 ජුනි 13 සිට 2009 ජුනි 17 දක්වා

මේජර් ජේනරාල් පීඑම්ආර් බංඩාර ඩබ්ඩබ්වී යුඑස්පී පිඑස්සී
2009 ජුනි 18 සිට 2010 පෙබරවාරි 28 දක්වා

මේජර් ජේනරාල් එල්එන් වික්‍රමසුරීය ආර්එස්පී යුඑස්පී එන්ඩියු පිඑස්සී
2010 මාර්තු 01 සිට 2011 ජුලි 29 දක්වා

මේජර් ජේනරාල් කේආර්පී රොවෙල් ආර්ඩබ්පී යුඑස්පී එන්ඩියු පිඑස්සී
2011 ජුලි 30 සිට 2012 26 ජුලි 26 දක්වා

මේජර් ජේනරාල් ටිඑස් බංසජයා ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී
2012 ජුලි 26 සිට 2013 ඔක්තෝබර් 28 දක්වා

බිග්‍රේඩ්යර් එච්ජේ සෙනවිරත්න ආර්ඩබ්පී ආර්එස්පී
2014 ජුනි 02 සිට 2015 නොවැම්බර් 22

මේජර් ජේනරාල් ඩබිඒවීඒ සුදසිංහ යුඑස්පී එන්ඩිසී අයිජි
2016 ජුනි 14 සිට 2016 දෙසැම්බර් 29 දක්වා

මේජර් ජේනරාල් ජිජේඒඩබ් ගලගමගේ
2016 දෙසැම්බර් 30 සිට 2017 මාර් තු 01දක්වා

මේජර් ජේනරාල් එච්ජේඑස් ගුණවර්ධන ආර්එස්පී යුඑස්පී එන්ඩියු පිඑස්සී
2017 අප්‍රේල් 27 සිට 2018 ජුනි 30 දක්වා

මේජර් ජේනරාල් ජිවි රවිප්‍රිය ඩබ්ඩබ්වී ආර්ඩබ්පී එන්ඩියු අයිජි
2018 පෙබරවාරි 23 සිට 2019 මාර් තු 28 දක්වා

බිග්‍රේඩ්යර් ඒඑස් හේවාවිතාරන ආර්එස්පී යුඑස්පී එන්ඩිසී අයිජි
2019 මැයි 01 සිට 2019 අගෝස්තු 27 දක්වා

මේජර් ජේනරාල් බ්පිඑස් ද සිල්වා ආර්එස්පී
2019 සැප්තැම්බර් 02 සිට 2020 මැයි 27 දක්වා

මේජර් ජේනරාල් ඩිජිඑස් සෙනරත්යාපා ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩ්යු
2020 ජුනි 01 සිට 2021 පෙබරවාරි 19 දක්වා

මේජර් ජේනරාල් ජිආර්ආර්පී ජයවර් ධන ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩියු
2021 පෙබරවාරි 22 සිට 2022 මැයි 05 දක්වා

මේජර් ජේනරාල් ජේපීසී පිරිස් ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩිසී
2022 මැයි 05 සිට 2024 ජුනි 24 දක්වා