11th April 2025 08:56:21 Hours
පොහොසත් රටක් ලස්සන ජිවිතයක් යන තේමාව යටතේ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද “CLEAN SRI LANKA” වැඩසටහනට සමගාමිව දැනුවත් කිරිමේ වැඩසටහනක් 144 පාබල බසේමු බලසේනාධිපති තුමාගේ උපදෙස් පරිදි 2(සෙව්) ශ්‍රිලපාහ ඒකකයේ නිලධාරි/සෙසුනිලයින් හට ඒකක දේශණ ශාලාවේදි 2025.04.08 වන දින 0830 පැයේ සිට 1300 පැය දක්වා 144 පාබල බසේමු සිවිල් සමබන්ධිකරණ නිලධාරිගේ උපදේශකත්වයෙන් වැඩසටහන සාර්ථකව පවත්වන ලදි.
09th April 2025 08:17:33 Hours
14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේජේඑන්එම්පීකේ නවරත්න ආර්.ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මග පෙන්විම මත 2025 අප්‍රේල් මස 06 වන දිනට යෙදී තිබෙන 14 වන පාබල සේනාංකයේ 14 වන සංවත්සර දින සැමරුම සනිටුහන් කරමින් ආගමික වතාවත් හා සමාජ සත්කාර වැඩසටහන් කිහිපයක් දියත් කරන ලදී.
08th April 2025 07:34:27 Hours
බලංගොඩ ශාන්ත තෝමස් දේවස්ථානයේ පියතුමන් කල ඉල්ලීමකට අනුව 18 ශ්‍රීලංජාආබමු භටපිරිස් විසින් 2025.03.29 වන දින එම දේවස්ථානය අවට පිරිසිදු කටයුතු සිදුකරන ලදි. 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමගේ උපදෙස් මත 572 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ අධීක්ෂණය යටතේ 18 ශ්‍රිලංජාආබමු අණදෙන නිළධාරීගේ නායකත්වයෙන් මෙම කාර්යය සිදු කරන ලදි. ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සහය ලබා ගනිමින් සුහදත්වය වර්ධනය හා සහජීවනය ජාතික සමගිය හා තිරසාර සාමය උදා කරලීමට මෙවැනි ක්‍රියාකාරකම් උපකාරී වනු ඇත.
08th April 2025 07:28:52 Hours
පොහොසත් රටක් ලස්සන ජිවිතයක් යන තේමාව යටතේ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද “CLEAN SRI LANKA” වැඩසටහනට සමගාමිව දැනුවත් කිරිමේ වැඩසටහනක් යුහමු ව්‍යපෘති කළමණාකරණ ඒකක දේශණ ශාලාවේදි 144 පාබල බසේමු සිවිල් සමබන්ධිකරණ නිලධාරිගේ උපදේශකත්වයෙන් 2025.04.04 වන දින පැවැත්වු අතර, වැඩසටහන සදහා 144 පාබල බලසේනා මුලස්තානය, 2 ශ්‍රිලයුපුබ, 10 ශ්‍රිලංජාආබමු භටපිරිස් හි සහභාගිත්වයෙන් වැඩසටහන සාර්ථකව පවත්වන ලදි.
07th April 2025 15:23:23 Hours
2025.03.30 වන දින අධික වර්ෂාපතනය හේතුවෙන් රජවක-කල්තොට මාර්ගයට ගස්, පස් සහ සුන්බුන් කඩා වැටී මාර්ගය අවහිර වී තිබුණු අතර, 61 වන පාබල සේනාංකයේ අනුමැතිය ඇතිව සහ 572 පාබල බලසේනාවේ මඟ පෙන්වීම යටතේ, 18 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සෙබලුන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් දෙකක් රජවක-කල්තොට මාර්ගයට වැටි තිබු ගස්, පස් සහ සුන්බුන් ඉවත් කර ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කළහ.
05th April 2025 23:07:50 Hours
“අපට ස්වාභාවික විපත් නැවැත්විය නොහැක, නමුත් අපට දැනුමෙන් සන්නද්ධ විය හැකිය. ප්‍රමාණවත් ආපදා සූදානමක් තිබුනේ නම් මෙතරම් ජීවිත අහිමි වීමට සිදු නොවනු ඇත” (පෙට්රා නෙම්කෝවා)
05th April 2025 22:45:33 Hours
ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මඟපෙන්වීම යටතේ සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේජේඑන්එම්පීකේ නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ අධීක්ෂණය යටතේ, කැලණිමුල්ලේ පිහිටි 2 වන ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරු පරිශ්‍රයේදී ආපදා ප්‍රතිචාර සහ ගලවා ගැනීමේ පුහුණු වැඩසටහනක් 2025.03.27 සිට 29 දක්වා සාර්ථකව පවත්වන ලදී.
05th April 2025 22:32:05 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී තුමාගේ නායකත්වය සහ මග පෙන්වීම යටතේ පිරිසිදු ශ්‍රී ලංකා ව්‍යාපෘතියට පෙර පුහුණුලාභීන් පුහුණු කිරීමේ වැඩසටහන (ToT) 2025.03.24 වන දින ඉංජිනේරු සේවා බලකා දේශන ශාලාවේදී සමාරම්භක උත්සවයකින් නිල වශයෙන් ආරම්භ විය.
27th March 2025 21:00:58 Hours
ආසේමු (බටහිර) ආඥාපතිතුමන්ගේ සංකල්පයකට අනුව 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ පුර් ණ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා ආපදා ප්‍රථිචාර පුහුණු මධ්‍යස්ථානය - ගම්පොල වෙතින් සහභාගී වූ 01 x 06 දෙනෙකුගෙන් සමන්විත නිලධාරී/ සෙසුනිළයින්ගේ උපදේශකත්වයෙන් සහ බලප්‍රදේශයේ රාජකාරී කරනු ලබන ඒකකයන් වෙතින් තෝරාගත් 07 x 90 ක නිලධාරී/ සෙසුනිළයින්ගේ සහභාගීත්වයෙන් 2025.03.24 වන දින ආරම්භ කරන ලද ආපදා පුහුණු වැඩමුළුව අම්බලන්ගොඩ මාදම්පා ගඟ හා රිවස් එජ් හෝටල් පරිශ්‍රය ආශ්‍රිතව සාර් ථකව පවත්වා 2025.03.26 දින නිම කරන ලදී.
27th March 2025 18:10:04 Hours
ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) බ්‍රිගේඩියර් පරිපාලක සහ නිල නිවාස ලෙස බ්‍රිගේඩියර් එම් එන් ජේ පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 මාර්තු 20 වන දින උතුම් තෙරුවන් සරණින් වැඩ භාර ගන්නා ලදී.