17th June 2025 10:00:43 Hours
ලුතිනන් කර්නල් ඩී ඒ කේ පලිහේන ගැමුණු හේවා බලඇණිය 2025 ජුනි 09 වන දින සුභ මොහොතින් ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (මනෝවිද්‍යා මෙහෙයුම්) ලෙස වැඩ භාර ගත්තේය.
16th June 2025 12:04:24 Hours
2025 ජුනි 05 වන දින ලෝක පරිසර දිනයට සමගාමීව, ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) ආඥාපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ටී පී ද සිල්වා ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි රුක් රෝපන වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.
16th June 2025 11:49:01 Hours
ලෝක පරිසර දිනය සැමරීම සඳහා, 2025 ජුනි 6 වන දින ආරක්ෂක සේනා මූලස්ථාන (බටහිර) ආඥාපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ජේ එන් එම් පී කේ නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත වෙරළබඩ ප්‍රදේශ පිරිසිදු කිරීමේ වැඩ සටහනක් සාර්ථකව පවත්වන ලදී.
14th June 2025 10:12:11 Hours
ජගත් පරිසර දිනයට සමගාමීව ආසේමු (බටහිර) ආඥාපති තුමාගේ මග පෙන්වීම මත 14 පාබල සේමු සේනාංකාධිපති තුමාගේ උපදෙස් පරිදි 144 පාබල බලසේනාව විසින් 2025.06.06 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයට ආසන්නව ඉදිකර ඇති ශරීර සුවතා මන්තීරුවෙහි ඉහළ ජල රැඳවුම් තටාකය ප්‍රදේශයේ කුඹුක් පැළ රෝපණය කිරීමේ වැඩ සටහනක් සිදු කළ අතර, එම වැඩ සටහන 144 පාබල බලසේනා බලසේනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව සිදු කරන ලදී.
13th June 2025 09:52:38 Hours
මව්බිමේ සාමය උදෙසා ජීවිත කැපකල ශ්‍රී ලාංකිකයින් සිහි කිරිමේ වැඩසටහනට සමගාමීව ආසේමු(බටහිර) ආඥාපතිතුමාගේ මග පෙන්වීම මත 14 පාබල සේමු සේනාංකාධිපති තුමාගේ උපදෙස් පරිදි 144 පාබල බසේමු බලසේනාධිපති තුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ 2සෙව් ශ්‍රීලපාහ ඒකකය විසින් 2025.06.05 දින මාළඹේ - නවගමුව ප්‍රදේශයේ රුක් රෝපණ වැඩ සටහනක් සංවිධානය කරන ලද අතර, එම වැඩ සටහන මාළඹේ ගොවිජන සේවා කාර්යාලයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව සිදු කරන ලදී.
13th June 2025 09:41:58 Hours
සුභසාධක අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරියෙකු විසින් 2025 ජූනි මස 04 වැනි දින සුභසාධන කටයුතු හා වෙනත් සේවාවන් පිළිබඳ දේශනයක් 14 පාබල සේනා මුලස්ථානය යටතේ පාලනය වනු ලබන 142 පාබල බලසේනා මුලස්ථානය සහ 144 පාබල බලසේනා මුලස්ථානයන් යටතේ ස්ථාපිත ඒකකයන් හි රාජකාරී නියුතු නිලධාරින් 03 දෙනෙකු සහ සෙසු නිලයින් 139 සදහා 14 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තු දේශන ශාලාවේදී පවත්වන ලදි.
06th June 2025 09:07:04 Hours
2025 ජුනි 05 වන දිනට යෙදි තිබු ලෝක පරිසර දිනයට සමගාමීව, 57 වන පාබල සේනාංකය, 5 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භට පිරිස් සමඟ එක්ව, බතලේගොඩ වැව සහ ඒ අවට ප්‍රදේශවල පිරිසිදු කිරීමේ වැඩ සටහනක් සහ රුක් රෝපන වැඩසටහනක් සංවිධානය කරන ලදී.
05th June 2025 11:04:54 Hours
2025 ජුනි 4 වන දින පිළියන්දල බෝකුන්දර හන්දිය අසල පිහිටි දෙව්මිණි දැව ගබඩාවේ ගින්නක් ඇති වු අතර, සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබුණු වහාම, 5 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ 1 වන ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේ භට පිරිස් කණ්ඩායම් දෙකක්, ගින්න පාලනය කිරීම සහය විය.
05th June 2025 10:37:16 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) යටතේ පාලනය වන 571 වන පාබල බළසේනාවට අයත් 9 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් 2025 මැයි 08,09 සහ 10 යන තෙදින මකුලාන රජමහා විහාරස්ථානයේ අක්කර 05 ක පමණ භූමි ප්‍රදේශයක් සුද්ද පවිත්ත්ර කිරීම සඳහ සිය ශ්‍රම දායකත්වය ලබාදී ඇත.
05th June 2025 10:32:15 Hours
61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මඟ පෙන්වීම යටතේ, 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ භට පිරිස් කූරගල විහාර රක්ෂිතයේ ඇති වූ ගින්නක් පාලනය කිරීම සඳහා කඩිනමින් යොදවන ලදී.