17th July 2025 10:10:33 Hours
2025 ජූලි 03 වන දින 1400 පැයට පමණ කුරුණෑගල, වෙහෙර සම්පත් ස්ටිකර් වාහන අලංකරණය කිරිමේ පෞද්ගලික සමාගමේ ගබඩාවේ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්නක් ඇති වූ බව වාර්තා විය. කුරුණැගල ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 00 x 30 භට පිරිසක් සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරියා ඇතුළු 02 x 30 භට පිරිසක් එක්ව ගින්න නිවා දමන ලදී.
ගින්න ඇති වූ වහාම, සිද්ධිය නැරඹීම සඳහා විශාල පිරිසක් එම ස්ථානය වටා රැස් වූහ. තත්වය පාලනය කිරීමට සහ මහජනතාවට සිදුවිය හැකි අනතුරක් වළක්වා ගැනීම සඳහා, 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ සෙබළුන්, කුරුණැගල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් රථවාහන පාලනයට සහ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට සහාය විය.
තවද, ගින්නෙන් හානිවීමේ අවදානමක් ඇති ආයතනයේ ගබඩාවෙන් භාණ්ඩ ඉවත් කිරීම සඳහා කුරුණැගල ගිනි නිවන දෙපාර්තමේන්තුවට සහාය ලබා දෙන ලදී. 2025 ජූලි 03 වන දින 1440 පැය පමණ වන විට ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට හැකි විය.