17th July 2025 10:36:34 Hours
නව සේනාංකාධිපතිලෙස මේජර් ජෙනරාල් ඩබ්ලිව් එස් වී ප්‍රනාන්දු යූඑස්පී එන්ඩීසී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජූලි මස 01 වන දින 61 වන පාබල සේනාංක මූලස්ථානයේ - බූස්ස හිදී රාජකාරි භාර ගනී.
ඔහු පැමිණි පසු, කඳවුරු පරිශ්‍රයේ ප්‍රධාන දොරටුවේදී 61 පාබල සේනාංකය කර්නල් පාලන භකාස නිලධාරි විසින් ඔහුව උණුසුම් ලෙස පිළිගත් අතර හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. පසුව, 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් සම්මාන මුරයක් පිරිනමන ලදි.
ඉන්පසු රාජකාරි භාර ගැනීම සංකේතවත් කරමින් සමරු ලේඛනයට අත්සන් තැබීමෙන් පසු කඳවුරු භූමියේ පැළයක් සිටුවන ලද අතර සමුහ ඡායාරූපයක් සදහා පෙනි සිට භටපිරිස් ඇමතිම සිදුකරන ලදි. වැඩ සටහන අවසන් කරමින් සියළු නිල දිවා භෝජන සංග්‍රයක් පවත්වන ලදි.