Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

08th July 2025 15:02:16 Hours

61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති 572 පාබල බලසේනාවේ නිල සංචාරයක නිරතවිය

61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේටීපී ද සිල්වා ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජුනි 17 වන දින 572 පාබල බලසේනා මූලස්ථානයේ නිල සංචාරයක් සිදු කළේය. එහිදී, 572 පාබල බලසේනාවේ බළසේනාධිපති විසින් ප්‍රධාන දොරටුවේදී සේනාංකාධිපතිතුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, එහිදී ඔහුට ගෞරවයක් වශයෙන් චාරිත්‍රානුකූල මුර සම්මාන මුරයක් පිරිනමන ලදී.

මෙම සංචාරය අතරතුර, සේනාංකයේ ප්‍රගතිය සහ සංවර්ධනය සංකේතවත් කරමින්, අලුතින් ඉදිකරන ලද බලසේනාවේ නාම පුවරුව සේනාංකාධිපතිතුමන් විසින් උත්සවාකාරයෙන් නිරාවරණය කරන ලදී. ඉන් පසුව සමුහ ඡායාරූපයක් සදහා පෙනි සිටිනලදි.

සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රය සංචාරය කළ අතර, පසුව බලසේනා මූලස්ථානයේ සහ යටතේ පාළනය වන බලඇණි දෙකෙහිම භට පිරිස් අමතමින් ඔවුන්ගේ විනය සහ සේවා විශිෂ්ටත්වය අගය කළේය. එසේම, සේනාංකාධිපතිතුමන් 18 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ බි කණ්ඩායම ස්ථාපිත කර ඇති බඹරගස්තැන්න කඳවුරට ද පැමිණි අතර, සිය සංචාරය අවසන් කරමින්, සේනාංකාධිපතිතුමා අමුත්තන්ගේ පොතේ සටහනක් තැබිය.