12th March 2025 16:01:01 Hours
ආරක්ෂක සේනා (බටහිර) නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 11 (ක්‍රියාන්විත) වශයෙන් මේජර් කේ ඩබ්ලිව් එන් ආර් බෝයගොඩ පීඑස්සී ශ්‍රීලපාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 පෙබරවාරි 17 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.
12th March 2025 15:37:53 Hours
141 වන පාබල බලසේනාවේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ආර්ආර් ද එස් ධර්මවික්‍රම, ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 පෙබරවාරි 14 වන දින කඳාන ලක්පහන ජාත්‍යන්තර පාසලේ අලුතින් පත් කරන ලද ශිෂ්‍ය නායකයින් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
12th March 2025 12:40:02 Hours
572 පාබල බලසේනාවේ 13 වන බලසේනාධිපති ලෙස කර්නල් ඩබිලිව් ජී අයි එස් ගමගේ යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 පෙබරවාරි 10 වන දින බලංගොඩ බලසේනා මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.
12th March 2025 11:37:50 Hours
‘පොහොසත් රටක් ලස්සන ජිවිතයක්’ යන තේමාව යටතේ “CLEAN SRI LANKA” වැඩසටහන සමගාමිව යුද්ධ හමුදාධිපති තුමාගේ මඟපෙන්විම යටතේ ආරක්ෂක සේනා මුලස්ථානය(බටහිර) ආඥාපති තුමාගේ උපදෙස් මත 14 පාබල සේනාංක සේනාංකාධිපතිගේ අධික්ෂණය යටතේ සහ 144 පාබල බලසේනා මුලස්ථාන බලසේනාධිපතිතුමාගේ සංවිධානයෙන් පිරිසිදු කිරිමේ වැඩසටහනක් දියත උයන කේන්ද්‍ර කර ගනිමින් බත්තරමුල්ල ප්‍රදේශයේ සහ දියවන්නා ඔය ආශ්‍රිතව ස්ථාන පහකදී වර්ග කි.මී. 10 ක පමණ භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි 2025.02.15 වන දින 0800 පැයේ සිට 1600 පැය දක්වා කාලය තුල සිදු කරන ලදි.
12th March 2025 11:32:44 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) භකාස අණසක ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් ඊ.එම්.ජී.ඒ. අඹන්පොල ජේෂ්ඨ නිලධාරි තුමන් 2025 පෙබරවාරි 14 වන දින උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඇතිව සිය තනතුරෙහි රාජකාරි භාර ගන්නා ලදී.
11th February 2025 17:37:25 Hours
77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව, 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් පී එම් විජේසූරිය ආර් ඩබිලිව් පී ආර් එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ, ජනසෙත ආයතනයේ තුසිත ප්‍රියංග පියතුමා සහ ඔහුගේ කණ්ඩායම සමඟ සම්බන්ධතාවයෙන් 57 වන පාබල සේනාංකය රුක් රෝපණ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 04 වන දින උත්කර් ෂවත් අන්දමින් පවත්වන ලදී.
07th February 2025 14:42:05 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නව කර් නල් ප්‍රධාන මාණ්ඩලික ලෙස කර් නල් ආර් ඒ ජේ කේ රණසිංහ ආර්ඩබලිව්පි ආර්එස්පි නිළධාරි 2025 පෙබරවාරි මස 06 වන දින සුබ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.
07th February 2025 12:16:02 Hours
ආරක්ෂක සේනා (බටහිර) කර් නල් සම්බණ්ධීකරණ නිලධාරි වශයෙන් ලුතිතන් කර් නල් ඩබ්ලිව් ඩි එස් මොරවැටියගෙදර යුඑස්පි ශ්‍රිලංසිරෙ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 පෙබරවාරි 06 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.
07th February 2025 11:58:22 Hours
77 වන ජාතික නිදහස් දිනය සැමරීම සඳහා, 6 වන කාලතුවක්කු රෙජිමේන්තුව සහ 8 වන බලඇණිය පාබල රෙජිමේන්තුවේ නිලධාරි/සෙසුනිලයින් විසින් වැඩිහිටි පදිංචිකරුවන්ට සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සහාය වීම සඳහා ප්‍රජා සේවා ව්‍යාපෘති සංවිධානය කරන ලදී.
07th February 2025 11:40:03 Hours
ලස්සන දිවයින, සිනාසෙන ජනතාවගේ දැක්ම යටතේ පිරිසිදු රටක් යන සංකල්පයට අනුකූලව CLEAN SRI LANKA වැඩසටහනේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ 77 වන නිදහස් දින සැමරුමට සමගාමීව කල්පිටිය පළාත් සභාවේ කන්දකුලිය වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.