07th April 2025 15:23:23 Hours
2025.03.30 වන දින අධික වර්ෂාපතනය හේතුවෙන් රජවක-කල්තොට මාර්ගයට ගස්, පස් සහ සුන්බුන් කඩා වැටී මාර්ගය අවහිර වී තිබුණු අතර, 61 වන පාබල සේනාංකයේ අනුමැතිය ඇතිව සහ 572 පාබල බලසේනාවේ මඟ පෙන්වීම යටතේ, 18 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සෙබලුන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් දෙකක් රජවක-කල්තොට මාර්ගයට වැටි තිබු ගස්, පස් සහ සුන්බුන් ඉවත් කර ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කළහ.