Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

05th April 2025 22:32:05 Hours

පිරිසිදු ශ්‍රී ලංකා ව්‍යාපෘතිය (අදියර II) යටතේ පුහුණු කිරීමේ වැඩසටහනක් පැවැත්විම

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී තුමාගේ නායකත්වය සහ මග පෙන්වීම යටතේ පිරිසිදු ශ්‍රී ලංකා ව්‍යාපෘතියට පෙර පුහුණුලාභීන් පුහුණු කිරීමේ වැඩසටහන (ToT) 2025.03.24 වන දින ඉංජිනේරු සේවා බලකා දේශන ශාලාවේදී සමාරම්භක උත්සවයකින් නිල වශයෙන් ආරම්භ විය.

එමේන්ම රට පුරා පිරිසිදුකම සහ පාරිසරික තිරසාරභාවය වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කළ සැලකිය යුතු මුලපිරීමක් වන පිරිසිදු ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදිම මෙම වැඩසටහනේ අරමුණ විය.

මෙම පුහුණු වැඩසටහ සදහා නිලධාරීන් 30 දෙනෙකු සහභාගි වු අතර දින දෙකක දේශන මාලාවක් සහ දින තුනක ප්‍රායෝගික පුහුණු සැසියක් ඇතුළුව අදියර දෙකකින් වැඩසටහන සිදුකරන ලදී. දේශන අදියරේදී, සහභාගිවන්නන් පිරිසිදු ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ විවිධ අංශ පිළිබඳව ගැඹුරු සාකච්ඡා සහ ඉදිරිපත් කිරීම් වල නිරත වු අතර ප්‍රායෝගික අදියරේදී, අපද්‍රව්‍ය කළමනාකරණය, පිරිසිදු කිරීමේ මෙහෙයුම් සහ පාරිසරික අධීක්ෂණයට අදාළ කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂඥයින් සමඟ සමීපව කටයුතු කරමින් ලබාගත් දැනුම අදාළ කර ගැනීමට සහභාගිවන්නන්ට ඉඩ සැලසුණි.

එමෙන්ම දින පහක කාලසිමාවක් පිරිසිදු ශ්‍රී ලංකා ව්‍යාපෘතියට පෙර පුහුණුලාභීන් පුහුණු කිරීමේ වැඩසටහන සිදු කර අතර 2025 මාර්තු 28 වන දින ඉතා සාර්ථකව වැඩසටහන අවසන් විය.