22nd December 2024 15:06:25 Hours
141 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත ‘අභිමානවත් සොල්දාදුවා’ තේමාව ඔස්සේ මනෝවිද්‍යාත්මක දේශනයක් 2024 දෙසැම්බර් මස 04 දින වේයන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත එම බලසේනා මූලස්ථානයේදී පවත්වන ල
දි.22nd December 2024 14:57:53 Hours
බ්‍රිගේඩියර් එල්.ජේ.එම්.සී.පී ජයසුන්දර කේ.එස්.පී ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) බ්‍රිගේඩියර් සම්බන්ධිකරණ (ස්වේච්ඡා) ලෙස 2024 දෙසැම්බර් 02 වන දින රාජකාරි භාර ගන්නා ලදී.
22nd December 2024 14:54:04 Hours
143 පාබල බලසේනාවේ අභිමානවත් 14 වන සංවත්සර දිනය වෙනුවෙන් අභියෝගාත්මක කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ වුවද 2024 නොවැම්බර් මස 30 දින සැමරුම් උත්සව මාලාවක් පැවැත්වීය.
22nd December 2024 14:44:32 Hours
57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් පී එම් විජේසූරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි අන්ඩියු ගේ මඟපෙන්වීම යටතේ, 571 පාබල බලසේනාවේ බළසේනාධිපති කර්නල් එච් එච් එස් පී එස් ද සිල්වා ආර්එස්පී යූඑස්පී, සහ 9 වන බලඇණිය, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන මේජර් ටී එස් පී කුමාර ආර්එස්පී ශ්‍රිලංජාආබමු, විසින් කළුගහතැන්න විද්‍යාලයේ ස්ථාපිත අවතැන් කඳවුර සහ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කළුගහතැන්න ග්‍රාම නිලධාරී වසමේ නායයෑමෙන් විපතට පත් ප්‍රදේශයන්හි 2024 නොවැම්බර් 30 වැනි දින සංචාරයක නිරත විය.
19th December 2024 14:44:30 Hours
57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් එම් පී එම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 නොවැම්බර් මස 29 දින ගංවතුරින් අවතැන් වූවන් රඳවා සිටින කළුගහතැන්න විද්‍යාලයේ ස්ථාපිත කර ඇති රැඳවූම් මධ්‍යස්ථානයේ සහ රිදීගම හා කළුගහතැන්න ප්‍රදේශවල නායයෑමෙන් අවතැන් වූ ප්‍රදේශයන්හි නිරීක්ෂණ සංචාරයක නිරත විය.
19th December 2024 14:34:26 Hours
බ්‍රිගේඩියර් ජී කේ එස් පෙරේරා ආර්එස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ලෙස 2024 නොවැම්බර් 28 වන දින වැඩ භාරගන්නා ලදී.
19th December 2024 14:28:18 Hours
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් 2024 නොවැම්බර් මස 28 දින කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැල්පොතුවැව ප්‍රදේශයේ පැවති ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ පුද්ගලයින් තිදෙනෙකු මුදාගැනීමට 1 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් කටයුතු කරනු ලැබීය.
19th December 2024 14:19:33 Hours
2024 නොවැම්බර් 27 රස්නායකපුර නම්බුවාව ප්‍රදේශයේ දැඩි ගංවතුරෙන් විපතට පත් පවුල්වලට උපකාර කිරීම සඳහා 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් පී එම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ හා කර්නල් එච් එච් එස් පී එස් ද සිල්වා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ, 571 වන පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් 02 X 24ක ප්‍රමාණයක් යොදවා ඇත.
03rd December 2024 12:43:32 Hours
මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් පී එම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ, 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, බ්‍රිගේඩියර් කේ ඒ ඩී ටී පී විමලසේන ආර්ඩබ්ලිව් ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ හා 143 වන පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් 01 X 25ක භටපිරිස් ප්‍රමාණයක් 16 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව විසින් සපයන ලදී. ආපදා සහන ආධාර 2024 නොවැම්බර් 27 වන දින මහජනතාව වෙත ලබාදී ඇත.
28th November 2024 10:26:52 Hours
උසස්වීම් ලද 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 නොවැම්බර් මස 26 දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.