05th January 2025 15:27:09 Hours
57 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.ටී.පී. විමලසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ‘නිර්මල මාතා’ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 18 දෙනෙකු වෙනුවෙන් 2024 දෙසැම්බර් මස 20 දින සමාජ සත්කාරක වැඩසටහනක් සංවිධානය පවත් වන ලදී.
තවද මෙම වැඩසටහනේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර බෙදා දුන් අතර එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට අවශ්‍ය සහයෝගය සහ රැකවරණය ලබා දීමද මෙම වැඩසටහනේ අරමුණ විය.
එමේන්ම 16 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩී.එම්.ඒ.යූ. දිසානායක ආර්එස්පී ගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයන් 15 දෙනෙකුද මෙම වැඩසටහන සදහා සහභාගි වන ලදි.