16th October 2023 15:51:48 Hours
පසුගිය දිනවල මාතර දිස්ත්‍රික්කයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් තිහගොඩ සහ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයන්හි සිවිල් වැසියන් ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, මේ සදහා දිස්ත්‍රි් ලේකම් කාර්යාලය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන සමඟ යුද හමුදා භට පිරිස් විපතට පත් ප්‍රදේශවල සහන සැලසීමට සහ සිවිල් ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටී.
11th October 2023 11:21:07 Hours
2023 ලෝක ළමා දිනයට සමගාමීව යුධ හමුදා සේවා වනිතා ඒකකයේ සහයෝගීතාවයෙන් සහ ගාල්ල 'විරු කැකුළු' පෙර පාසලෙහි කාර්ය මණ්ඩලය විසින් විශේෂ වැඩසටහනක් 2023 ඔක්තෝම්බර් 03 වන දින පෙරපාසල් පරිශ්‍රයේදී සිදු කරන ලදී.
11th October 2023 11:14:41 Hours
04th October 2023 09:45:15 Hours
2023.10.01 දිනට යෙදුන ලෝක ළමා දිනයට සමගාමීව ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපතිතුමාගේ සංකල්පයකට අනුව 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ මගපෙන්වීම යටතේ 144 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ අධික්ෂණයෙන් 10 වන ශ්‍රි ලංකා ආරක්ෂක බළමුළුවේ දායකත්වයෙන් බත්තරමුල්ල නාගරික වැඩිහිටි හා ළමා නිවාසයේ රැකවරණය ලබන වැඩිහිටියන් සහ ළමුන් සඳහා දිවා ආහාරය, පාසල් උපකරණ සහ ටී ෂර්ට් බෙදාදීමක් සිදුකරන ලදි.
04th October 2023 09:38:41 Hours
ආරක්ෂක සේනා (බටහිර) නව කර්නල් පාලන/භකාස වශයෙන් කර්නල් ජීටීසී මදුරාවල යුඑස්පී කිව්එල්සීඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ඔක්තෝබර් 02 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.
04th October 2023 09:09:11 Hours
යුද්ධ හමුදාපතිතුමාගේ මඟපෙන්වීම මත යුධ හමුදාව සහ සිවිල් වැසියන් අතර සුහදතාවය සහ සම්බන්ධීකරණය ප්රීවර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන් සහ 14 වන පාබල සේනාංකයේ ආඥාපතිවරයාගේ මඟපෙන්වීම යටතේ 141 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ, 6 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් 2023 ඔක්තෝබර් 01 දින ලෝක ළමා දිනය නිමිත්තෙන් යක්කල පීටර් වීරසේකර ළමා නිවාස හා පෝෂණ මධ්‍යස්ථානයේදී විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
29th September 2023 10:10:57 Hours
ශ්‍රි ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සී.එල් ගොඩකන්ද යන ජ්යෙුෂ්ඨ නිලධාරි තුමන් 61 වන සේනාංකයේ මේජර් ජෙනරාල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්.එස්.පී යූ.එස්.පී එන්.ඩී.සී යන ජ්‍යෙ ෂ්ඨ නිලධාරි තුමන් 2023.09.26 වන දින සේනාංකාධිපත් නිළ කාර්යාලයේදි හමුවිය.
29th September 2023 10:08:40 Hours
දකුණු නාවික ප්‍රදේශයේ ආඥාපති, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ ආර්.එස්.පී යූ.එස්.පී එන්.ඩී.සී පි.එස්.සි එම්.ඩි.එස් එම්.පි.ඒ (පි.අයි.එම් යු.එස්.ජේ) එම්.එස්.එස් අයි.එන් යන ජ්යෙආෂ්ඨ නිලධාරි තුමන් 61 වන සේනාංකයේ මේජර් ජෙනරාල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්.එස්.පී යූ.එස්.පී එන්.ඩී.සී යන ජ්යෙණෂ්ඨ නිලධාරි තුමන් 2023.09.19 වන දින සේනාංකාධිපත් නිළ කාර්යාලයේදි සුහද හමුවිය .
29th September 2023 10:03:20 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 (ක්‍රියාන්විත) වශයෙන් මේජර් එම් එච් එච් ජයසිරි ශ්‍රීලපාහ යන ජෙ ්‍යෂ්ඨ නිලධාරි 2023 සැප්තැම්බර් 22 වන දින සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.
21st September 2023 16:39:31 Hours
2023.10.01 දිනට යෙදී ඇති ලෝක ළමා දිනයට සමගාමීව 'අතහිත' සංවිධානයේ අනුග්රකහය මත 61 වන පාබල සේනාංකය විසින් ගාල්ල ප්රිදේශයේ පාතවැලිවිටිය සහ වැලිවිටිය යන පාසල්වල ඉගෙනුම ලබන පාසල් ළමුන් 68 දෙනෙකු සදහා පාසල් සපත්තු යුවල් 68 ක් සහ එම පාසල් ළමුන්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙනුවෙන් දිවා ආහාරය ලබා දීමේ වැඩසටහනක් 2023.09.16 වන දින සිදුකරන ලදී.