01st February 2025 19:15:04 Hours
බ්‍රිගේඩියර් එම් ජේ උබේසේකර, ආර්එස්පී පීඑස්සී,ජෙෂ්ඨ නිලධාරි 142 පාබල බලසේනාවේ 37 වන බලසේනාධිපති ලෙස 2025 ජනවාරි 17 වන දින ආගමික ආශිර්වාද මධ්‍යයේ බලසේනාධිපති නිල වශයෙන් රාජකාරි ආරම්භ කරන ලදී.
01st February 2025 18:59:02 Hours
61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ටී.පී. ද සිල්වා ආර්.එස්.පී. එන්.ඩී.යූ.එස්.සී. ගේ දූරදර්ශී නායකත්වය යටතේ, ජංගම දුරකථන භාවිතා කරමින් ඡායාරූපකරණය පිළිබඳ තෙදින වැඩමුළුවක් 2025 ජනවාරි 21 සිට 23 දක්වා 61 වන පාබල සේනාංක මූලස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩමුළුවේ අරමුණ වූයේ හමුදා නිලධාරීන්ගේ අසමසම ක්‍රියාකාරකම් ඉස්මතු කිරීම සඳහා මාධ්‍යයක් ලෙස ඡායාරූපකරණය ප්‍රවර්ධනය කිරීම සහ සහභාගිවන්නන් අතර නිර්මාණශීලිත්වය, ස්වයං ප්රකාශනය සහ කුසලතා සංවර්ධනය පෝෂණය කිරීමයි.
01st February 2025 18:52:40 Hours
2025 ජනවාරි 22 වන දින 14 වන බලඇණියේ විජයබාහු පාබල රෙජිමේන්තු දේශන ශාලාවේදී භයානක මත්ද්‍රව්‍ය වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන ලදී. පුනරුත්ථාපන කාර්යාංශයේ කොළඹ දිස්ත්‍රික් 1 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ පුනරුත්ථාපන නිලධාරී ලුතිනන් ක ර් න ල් ඩබ්ලිව් ඒ එන් ඩී ජයසුන්දර මහතා සහ අන්තරායකර මත්ද්‍රව්‍ය පාලනය සඳහා වූ ජාතික මණ්ඩලයේ දුල්ෂානි තාරක මහානාම මහත්මිය සහ දිල්හාරා වරාගොඩ මහත්මිය සමඟ සැසිය මෙහෙයවන ලදී.
17th January 2025 12:11:27 Hours
රජයේ සංකල්පයක් යටතේ ආරම්භ කරන ලද “Clean Sri Lanka” වැඩසටහනේ කොටසක් වශයෙන්, 2025 ජනවාරි මස 16 වන දින 0730 සිට 1130 දක්වා මාතර, දෙවිනුවර සහ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපාරයක් “පොහොසත් රටක් ලස්සන ජිවිතයක්” යන තේමාව යටතේ පවත්වන ලදී.
මෙම වැඩසටහන කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්තා ගම්මැද්දගේ මහත්මිය, මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා සහ අනෙකුත් රජයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
14th January 2025 11:44:26 Hours
රජය විසින් ආරම්භකරන ලද, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ""පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ බෙන්තොට සිට ගොවියාපාන ප්‍රදේශය දක්වා වෙරළ තීරය ආවරණය වන පරිදි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 12 දින ගාල්ලේදී පවත්වන ලදී.
14th January 2025 11:35:41 Hours
අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම යටතේ ආරම්භ කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය දෙපස කසළ ඉවත් කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 144 පාබල බළසේනාව විසින් ක්‍රියාත්මක කරන ලදී.
14th January 2025 11:13:46 Hours
2025 ජනවාරි මස 08 වන දිනට යෙදී ඇති බදාදා පුහුණුවීම් දිනයට සමගාමීව 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා දේශන ශාලාවේදී ‘බෝවන රෝග වලින් ආරක්ෂා වීම හා දැනුවත් වීම’ යන මාතෘකාව යටතේ දේශනයක් පවත්වන ලදී.
14th January 2025 10:50:48 Hours
61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ටී පී ද සිල්වා ආර්එස්පී එන්ඩියු පීඑස්සී, සහ 61 සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ 2025.01.06 වන දින 573 පාබල සේනාංකයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
14th January 2025 10:16:44 Hours
57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, පොල්ගහවෙල ශාන්ත බර්නදෙන් ආදර්ශ මහ විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළඳ වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2025 ජනවාරි මස 03 දින සහභාගී විය. එම පාසලේ විදුහල්පතිතුමාගේ ආරාධනයකට අනුව එතුමන් මෙම අවස්ථාවට සහභාගී විය.
10th January 2025 10:36:32 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නව මාණ්ඩලික නිලධාරි II (සැපයුම් සහ ප්‍රවාහන) ලෙස මේජර් ජේ එම් ජි ඊ පි කේ ජයවීර එල්එස්සී ශ්රිලයුපෝහේබ ජේෂ්ඨ නිළධාරි 2024 දෙසැම්බර් 31 වන දින සුබ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.