14th January 2025 11:35:41 Hours
අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම යටතේ ආරම්භ කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය දෙපස කසළ ඉවත් කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 144 පාබල බළසේනාව විසින් ක්‍රියාත්මක කරන ලදී.
14th January 2025 11:13:46 Hours
2025 ජනවාරි මස 08 වන දිනට යෙදී ඇති බදාදා පුහුණුවීම් දිනයට සමගාමීව 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා දේශන ශාලාවේදී ‘බෝවන රෝග වලින් ආරක්ෂා වීම හා දැනුවත් වීම’ යන මාතෘකාව යටතේ දේශනයක් පවත්වන ලදී.
14th January 2025 10:50:48 Hours
61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ටී පී ද සිල්වා ආර්එස්පී එන්ඩියු පීඑස්සී, සහ 61 සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ 2025.01.06 වන දින 573 පාබල සේනාංකයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
14th January 2025 10:16:44 Hours
57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, පොල්ගහවෙල ශාන්ත බර්නදෙන් ආදර්ශ මහ විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැළඳ වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2025 ජනවාරි මස 03 දින සහභාගී විය. එම පාසලේ විදුහල්පතිතුමාගේ ආරාධනයකට අනුව එතුමන් මෙම අවස්ථාවට සහභාගී විය.
10th January 2025 10:36:32 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නව මාණ්ඩලික නිලධාරි II (සැපයුම් සහ ප්‍රවාහන) ලෙස මේජර් ජේ එම් ජි ඊ පි කේ ජයවීර එල්එස්සී ශ්රිලයුපෝහේබ ජේෂ්ඨ නිළධාරි 2024 දෙසැම්බර් 31 වන දින සුබ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.
10th January 2025 10:17:06 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නව මාණ්ඩලික නිලධාරි 1 (භකාස) ලෙස මේජර් බී එම් ජී එස් සෝමනාත යූඑස්පී එල්එස්සී ශ්‍රීලවියාඉ ජේෂ්ඨ නිළධාරි 2024 අගෝස්තු මස 12 වන දින සුබ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.
05th January 2025 15:27:09 Hours
57 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.ටී.පී. විමලසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ‘නිර්මල මාතා’ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 18 දෙනෙකු වෙනුවෙන් 2024 දෙසැම්බර් මස 20 දින සමාජ සත්කාරක වැඩසටහනක් සංවිධානය පවත් වන ලදී.
05th January 2025 15:08:09 Hours
57 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.ටී.පී. විමලසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ කරුවලගස්වැව, ශ්‍රී විමලධර්ම පෙර පාසලේ ළමුන් 42 දෙනෙකු සහ තබ්බෝව, ශ්‍රී විජය පෙර පාසලේ ළමුන් 15 දෙනෙකු සඳහා රු. 1,80,000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 18 දින පැවැත්විණි.
05th January 2025 14:09:15 Hours
141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.ආර්. ද එස්. ධර්මවික්‍රම ආර්එස්පී ගේ උපදෙස් මත යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ වේයන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත එම බලසේනා දේශන ශාලාවේදී 2024 දෙසැම්බර් මස 19 දින අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ වර්තමාන ගැටළු පිළිබඳ අධ්‍යාපනික දේශනයක් සංවිධානය කරන ලදී.
05th January 2025 12:48:04 Hours
143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ ඒ ඩී ටී පී විමලසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් පරිදි 16 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 13 දින කල්පිටිය, අමෝතට්ටම් ප්‍රදේශයේ කඩොලාන පැළ රෝපණ කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.