07th February 2025 11:40:03 Hours
ලස්සන දිවයින, සිනාසෙන ජනතාවගේ දැක්ම යටතේ පිරිසිදු රටක් යන සංකල්පයට අනුකූලව CLEAN SRI LANKA වැඩසටහනේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ 77 වන නිදහස් දින සැමරුමට සමගාමීව කල්පිටිය පළාත් සභාවේ කන්දකුලිය වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
07th February 2025 11:16:19 Hours
141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.ආර්. ද එස්. ධර්මවික්‍රම ආර්එස්පී ගේ අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ, 2025 ජනවාරි මස 22 දින එම බලසේනාවේ රාජකාරියෙහි නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් වෙනුවෙන් ‘ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් අයවැයකරණය’ පිළිබඳ හරවත් දේශනයක් පවත්වන ලදී.
07th February 2025 11:09:21 Hours
“Clean Sri Lanka” ව්‍යාපෘතියට සහ එහි ප්‍රධාන අභිලාෂය වන මව්බිම අලංකාර කිරීම සහ ක්‍රමවත් කිරිමෙි රජයේ ප්රයත්නයට සමගාමිව, ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් ඒඑච්එල්ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර් එස්පි එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සෘජු අධීක්ෂණය යටතේ හා 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පීඑම් විජේසූරිය ආ ර් ඩබිලිවිපි ආර් එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත, 611 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 8 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ 2025 ජනවාරි මස 30 වන දින 0900 පැයට පින්නවල අලි අනාථාගාර පරිශ්‍ර යේ රුක්රෝපණ වැඩසටහනක් උත්කර් ෂවත් අන්දමින් පවත්වන ලදි.
07th February 2025 09:36:15 Hours
ප්‍රශංසනීය මානුෂීය මුලපිරීමක් ලෙස, යමුනා වීරතුංග පදනම 2025 ජනවාරි 30 වන දින පෙ.ව. 0900 සිට ප.ව. 1500 දක්වා රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන පවත්වන ලද්දේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට, විශේෂයෙන් රසායනික චිකිත්සාව සහ අනෙකුත් දැඩි ප්‍රතිකාර ලබා ගන්නා අයට අත්‍යවශ්‍ය රුධිර පාරවිලයනයක අඛණ්ඩ අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණින් ය.
01st February 2025 19:44:57 Hours
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ බදාදා පුහුණු දින වැඩසටහනට සමගාමීව 2025 ජනවාරි මස 29 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා දේශන ශාලාවේදී “පෝෂණ විද්‍යාව” පිළිබඳ විශේෂ දේශනයක් පනාගොඩ යුද්ධ හමුදා මූලික රෝහලේ මේජර් පී.ජේ.එල්.එම්. ගුණසේකර විසින් පවත්වන ලදී.
01st February 2025 19:37:02 Hours
57 වන පාබල සේනාංකයේ කර්නල් ප්‍රමානි ලෙස කර්නල් ඒඩබ්ලිව්වීඩී අබේසිංහ ආර්එස්පී යූඑස්පී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 ජනවාරි 21 වන දින උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඇතිව සුභ මොහොතකින් රාජකාරි භාර ගන්නා ලදී.
01st February 2025 19:27:16 Hours
613 පාබල බලසේනාවේ අණදෙන නිලධාරියාගේ මඟ පෙන්වීම සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 9 වන බලඇණියේ වැඩබලන අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ, නායකත්ව පුහුණු වැඩමුළුවක් 2025 ජනවාරි 23 වන දින සාර්ථකව පවත්වන ලදී. රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් 271 දෙනෙකු සඳහා වූ නැඹුරුවීමේ වැඩසටහනේ කොටසක් ලෙස පවත්වන ලද මෙම උත්සවය කඹුරුපිටිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
01st February 2025 19:15:04 Hours
බ්‍රිගේඩියර් එම් ජේ උබේසේකර, ආර්එස්පී පීඑස්සී,ජෙෂ්ඨ නිලධාරි 142 පාබල බලසේනාවේ 37 වන බලසේනාධිපති ලෙස 2025 ජනවාරි 17 වන දින ආගමික ආශිර්වාද මධ්‍යයේ බලසේනාධිපති නිල වශයෙන් රාජකාරි ආරම්භ කරන ලදී.
01st February 2025 18:59:02 Hours
61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ටී.පී. ද සිල්වා ආර්.එස්.පී. එන්.ඩී.යූ.එස්.සී. ගේ දූරදර්ශී නායකත්වය යටතේ, ජංගම දුරකථන භාවිතා කරමින් ඡායාරූපකරණය පිළිබඳ තෙදින වැඩමුළුවක් 2025 ජනවාරි 21 සිට 23 දක්වා 61 වන පාබල සේනාංක මූලස්ථානයේදී සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩමුළුවේ අරමුණ වූයේ හමුදා නිලධාරීන්ගේ අසමසම ක්‍රියාකාරකම් ඉස්මතු කිරීම සඳහා මාධ්‍යයක් ලෙස ඡායාරූපකරණය ප්‍රවර්ධනය කිරීම සහ සහභාගිවන්නන් අතර නිර්මාණශීලිත්වය, ස්වයං ප්රකාශනය සහ කුසලතා සංවර්ධනය පෝෂණය කිරීමයි.
01st February 2025 18:52:40 Hours
2025 ජනවාරි 22 වන දින 14 වන බලඇණියේ විජයබාහු පාබල රෙජිමේන්තු දේශන ශාලාවේදී භයානක මත්ද්‍රව්‍ය වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන ලදී. පුනරුත්ථාපන කාර්යාංශයේ කොළඹ දිස්ත්‍රික් 1 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ පුනරුත්ථාපන නිලධාරී ලුතිනන් ක ර් න ල් ඩබ්ලිව් ඒ එන් ඩී ජයසුන්දර මහතා සහ අන්තරායකර මත්ද්‍රව්‍ය පාලනය සඳහා වූ ජාතික මණ්ඩලයේ දුල්ෂානි තාරක මහානාම මහත්මිය සහ දිල්හාරා වරාගොඩ මහත්මිය සමඟ සැසිය මෙහෙයවන ලදී.