24th March 2026 10:12:55 Hours
78 වන ජාතික නිදහස් දිනය සැමරීම සඳහා 57 වන පාබල සේනාංකයේ 7 වන ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් ගල්මුරුවේ පිහිටි වෘත්තීය පුහුණු ආයතනයේදී ප්‍රජා සුභසාධන වැඩසටහනක් සංවිධානය කරන ලදී.
24th March 2026 09:55:26 Hours
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින් පුද්ගලික සමාගම විසින් සංවිධානය කරනු ලැබූ සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා සමාජ සත්කාර වැඩසටහන යටතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පවත්වනු ලැබූ අක්ෂි සහ සෞඛ්‍ය සායන කදවුර 206.01.31 දින ගා/ වැලිවිටිය විවේකානන්ද දමිළ පාසලේදී පවත්වන ලදී. අදාල වැඩසටහන සදහා සුප්‍රීම් ග්ලෝබල් ආයතනයේ 19 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් සහභාගි වු අතර, අක්ෂි සහ සෞඛ්‍ය සායන සදහා ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 300 ක් සහභාගි වු බවත්, අදාල වැඩසටහන සාර්ථකව ඉටුකරගැනීම සදහා මෙම ඒකකය වෙතින් 01 X 09 ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගි වන ලදි.
24th March 2026 09:36:08 Hours
78 වන ජාතික නිදහස් දිනය සැමරීම සඳහා, 611 පාබල බලසේනාව සහ 8 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සමඟ එක්ව 2026 පෙබරවාරි 4 වන දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මේධානන්ද වැඩිහිටි නිවාසයේ පදිංචිකරුවන්ට දිවා ආහාරය ලබා දිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
24th March 2026 09:21:32 Hours
78 වන ජාතික නිදහස් දිනට සමගාමිව 57 වන පාබල සේනාංකය යටතේ ස්ථානගත 571 පාබල බලසේනාවට අයත් 9 වන ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බළමුළුව විසින් අලකොලදෙනිය ග්‍රාම නිලධාරි වසමට අයත් පෝෂණ අවශ්‍යතා ඇති අයවලුන් සදහා 2026.02.03 දින වියලි සලාක මලු බෙදාදිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
24th March 2026 09:08:32 Hours
78 වන නිදහස් දින සැමරුමට සමගාමීව, 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ භට පිරිස් විසින් නීලබෙම්ම ප්‍රාථමික විද්‍යාලයේදි දී වෛද්‍ය සායනයක් සාර්ථකව පවත්වා ඇත. මෙම වැඩසටහන 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 143 වන පාබල බලසේනාවේ බළසේනාධිපති තුමන්ගේ මඟ පෙන්වීම යටතේ සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.
05th March 2026 11:50:05 Hours
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ගාල්ල ධීවර වරාය පරිශ්‍රය තුල පිහිටි කැලි කසල කන්දෙහි කොටසක් ඉවත් කර ඩෙංගු වලින් තොර පරිසර හිතකාමී කලාපයක් කිරීම වෙනුවෙන් පිරිසිදු කීරිමේ වැඩසටහනක් 2026.01.24 වන දින පැවැත්වුණි. ඒ සඳහා 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් මත 573 පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති තුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ 61 වන පාබල සේනංකය, 20 ශ්‍රිලපාහ සහ 2 (සෙව්) ගැහේබ වෙතින් 01x50 භඨ පිරිස් ප්‍රමාණයක් සහභාගී විය.
05th March 2026 11:40:09 Hours
9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඔවිටිගමුව දකුණ, ග්‍රාම නිලධාරි වසමට අයත් ශක්ති අන්ද වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් වෙනුවෙන් 2026.01.19 වන දින 1200 පැයේ සිට 1330 පැය දක්වා කාලය තුල මෙම ඒකක 02 x 15 ක භඨ පිරිස් ප්‍රමාණයක් සහභාගි වි වැඩිහිටියන් 58 දෙනෙකු සඳහා දිවා ආහාරය ලබාදිම සිදු කරන ලදි.
04th March 2026 15:40:16 Hours
මේජර් ජෙනරාල් එච් ඩී එල් එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී නියෝජ්‍ය ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර), 2026 ජනවාරි 19 වන දින 14 වන පාබල සේනාංකයේ සංචාරයක නිරත විය. 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, නියෝජ්‍ය සේනාංකාධිපති සහ 14 වන පාබල සේනාංකයේ සියළුම නිලධාරී සෙසුනිලයින් ආරක්ෂක සේනා මූලස්ථාන (බටහිර) නියෝජ්‍ය ආඥාපතිවරයා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
04th March 2026 09:45:48 Hours
2026 ජනවාරි 19 වන දින ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) මාණ්ඩලික නිලධාරී II (සැපයුම් සහ ප්‍රවාහන) ලෙස මේජර් ජී එම් එම් එම් ගනේගොඩ ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි භාරගන්නා ලදි.
04th March 2026 09:30:11 Hours
ලුතිනන් කර්නල් එස් ආර් ඒ එම් එස් ජී රත්නායක ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 ලෙස 2026 ජනවාරි 16 වන දින සුභ මොහොතකින් වැඩ භාර ගන්නා ලදී.