08th July 2025 15:15:38 Hours
ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ, බදාදා පුහුණු වැඩසටහනට සමගාමීව, 2025 ජුනි 25 වන දින “බදු හඳුනාගැනීමේ අංකය පිළිබඳ දැනුවත් කිරීමේ පිළිබඳ විශේෂ දේශනයක් පැවැත්විණි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වසන්ති පෙරේරා මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ඒ ඒ බී ජයරත්න මහතා විසින් මෙම සැසිය මෙහෙයවන ලදී. ආදායම් බදු සහ ධන ප්‍රකාශන පිළිබඳව දැනුවත් කිරීම කෙරෙහි මෙම දේශනය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලදී.
08th July 2025 15:08:13 Hours
කර්නල් එස් ජේ සමරසිංහ පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරී 613 පාබල බලසේනාවේ 12 වන බළසේනාධිපති ලෙස 2025 ජුනි මස 17 වන දින නිල වශයෙන් රාජකාරි භාර ගන්නා ලද අතර, බලසේනාධිපති කදවුර තුලට පැමිණිමෙන් පසු සම්මාන මුරයක් පිරිනමන ලදි.
08th July 2025 15:02:16 Hours
61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේටීපී ද සිල්වා ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජුනි 17 වන දින 572 පාබල බලසේනා මූලස්ථානයේ නිල සංචාරයක් සිදු කළේය. එහිදී, 572 පාබල බලසේනාවේ බළසේනාධිපති විසින් ප්‍රධාන දොරටුවේදී සේනාංකාධිපතිතුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, එහිදී ඔහුට ගෞරවයක් වශයෙන් චාරිත්‍රානුකූල මුර සම්මාන මුරයක් පිරිනමන ලදී.
18th June 2025 14:26:08 Hours
මව්බිමේ සාමය උදෙසා ජිවිත කැපකල ශ්‍රි ලාංකිකයන් සිහිකිරිමේ වැඩසටහනට සමගාමීව 141 වන පාබල බලසේනා මූලස්ථානයේ හා යටතේ පාලනය වන ඒකකයන් හි නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් රාගම ශික්ෂණ රෝහලේ රුධිර මධ්‍යස්ථානය හා එක්ව 2025 ජුනි 17 වන දින බලසේනා පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මානුෂීය සේවය සහ ප්‍රජා සුභසාධනය සඳහා ඔවුන්ගේ කැපවීම පිළිබිඹු කරමින් නිලධාරින් පස්දෙනෙකු හා සෙසුනිලයින් අනුහයදෙනෙකු යුද්ධ හමුදා සාමාජිකයින් මේ සදහා සහභාගී වන ලදී.
18th June 2025 10:14:24 Hours
අයහපත් කාලගුණික තත්ත්වයන් සහ තද සුළං හේතුවෙන් බලංගොඩ රජවක මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලි සහ අවට ප්‍රදේශවලට හානි සිදුවි ඇති අතර, ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) තුමන්ගේ උපදෙස් සහ 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ අධීක්ෂණය යටතේ, 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහන කටයුතු සඳහා බලංගොඩ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට සහාය දැක්වීමට අනුයුක්ත කර ඇත.
18th June 2025 09:43:31 Hours
පොසොන් පොහොය දිනයට සමගාමිව කැන්ඳලන්ද විවාහක නිවාස සංකීර්ණයේ නේවාසික නිලධාරින් විසින් අඛණ්ඩව තුන්වන වරටත් සංවිධානය කරන ලද අයිස්ක්‍රීම් සහ කිරි තේ දන්සලක් එම නිවාස සංකිර්ණය ඉදිරිපිටදි 2025.06.11 වන දින සාර්ථකව පවත්වන ලදි.
17th June 2025 12:17:20 Hours
බ්‍රිගේඩියර් එච් ඒ එම් ප්‍රේමරත්න එන්ඩීසී පීඑස්සී එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධරි 2025 ජුනි 11 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) භකාස අණසක ආඥාපති වශයෙන් රාජකාරි භාර ගන්නා ලදී.
17th June 2025 12:08:25 Hours
61 වන පාබල සේනාංකයේ මඟ පෙන්වීම සහ 572 වන පාබල බලසේනාවට අයත් 11 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විසින් 2025 ජුනි 10 වන දින පැය 0930 ට පමණ හදිසි ගලවා ගැනීමේ මෙහෙයුමකින් නන්පේරියල් පාර දිගේ බේකර්ස් වංගුව අසල බෑවුමකින් වැටී සිටි පුද්ගලයින් පස් දෙනෙකු බේරාගන්නා ලදි.
17th June 2025 11:51:07 Hours
2025 ජුනි 10 වන දින 1130 ට පමණ බලංගොඩ, කූරගල ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නකට 61 වන පාබල සේනාංකයේ මඟ පෙන්වීම සහ 572 වන පාබල බලසේනාවේ අධීක්ෂණය යටතේ, 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් කඩිනම් ප්‍රතිචාර දැක්වූහ.
17th June 2025 11:39:35 Hours
මව්බිමේ සදාකාලික සාමය සඳහා ජීවිත පූජා කළ නිර්භීත ශ්‍රී ලාංකිකයින්ට උපහාරයක් වශයෙන් 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක මලමුළුවේ කුරුණෑගල, හෙරලියවල පිහිටි බලඇණි මූලස්ථානයේදී ලේ දන්දීමේ වැඩ සටහනක් සංවිධානය කරන ලදී.