04th March 2026 09:23:28 Hours
2025 දෙසැම්බර් 29 වන දින ගාලු කොටුව කඳවුරේ පිහිටි 2 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළකා නව අණදෙන නිලධාරී ලෙස මේජර් ඩීසී රත්නායක රාජකාරි භාර ගන්නා ලදී.
04th March 2026 09:14:48 Hours
යුද හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව, මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සිසුන්ට 2026 ජනවාරි 09 වන දින 14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
07th January 2026 12:21:55 Hours
මේජර් ජෙනරාල් එච් ඩී එස් එල් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2026 ජනවාරි 07 වන දින ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) හි 3 වන නියෝජ්‍ය අඥාපති ධූරයේ රාජකාරී ආරම්භ කළේය. තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි ආගමික වතාවත් මධ්‍යයේ සුභ මොහොතින් රාජකාරි භාරගත් අතර ඔහුගේ නව ධූරයේ රාජකාරී භාර ගැනීම සනිටුහන් කිරීම සඳහා නිල ලේඛනයකට අත්සන් තැබීය.
31st December 2025 11:46:45 Hours
2025 දෙසැම්බර් 29 වන දින කොළඹ 2, වොක්ෂෝල් වීදියේ පිහිටි 14 වන පාබල සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ 14 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ඩීඑස් ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි භාර ගනී.
31st December 2025 10:07:35 Hours
බ්‍රිගේඩියර් ඩබ්ලිව්එම්පිඩබිල්විඑන්ඩිබි වීරකෝන් ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 නොවැම්බර් 28 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) හි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී තනතුරේ වැඩ භාර ගන්නා ලදී.
31st December 2025 09:55:02 Hours
2025 නත්තල් දිනයට සමගාමිව යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව 2025.12.23 වන දින මෙම සුවසහන නිකේතනයේදී නත්තල් උත්සවයක් පවත්වා මෙම සුවසහන නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ගනු ලබන රණක්ෂිතයින් හා ඔවුන්ගේ උපස්ථායක සෙනීන් හට ත්‍යාග ප්‍රධානය කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි. මෙම උත්සව අවස්ථාව සදහා 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 571 පාබල බසේමු බළසේනාධිපති හා 5 ශ්රීලසසංබ අණදෙන නිලධාරි සහ 9 ශ්‍රීලංජාආබමු අණදෙන නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
30th October 2025 09:38:00 Hours
ආඩියම්බලම ශ්‍රි වේළුවණාරාමයේ විහාරවාසි පුජ්‍යපාද දරණාගම සුමනරත්න ස්වාමින් වහන්සේගේ 56 වන ජන්ම දිනය නිමිත්තෙන් 2025.10.16 වන දින නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදි ලේ දන්දීමේ වැඩසටහනක් 0900 පැයේ සිට පවත්වනු ලැබු අතර, අදාල ලේ දන්දීමේ වැඩසටහන සඳහා යුද්ධ හමුදාධිපති තුමාගේ අනුමැතිය මත ආසේමු(බටහිර) - ආඥාපති තුමාගේ මඟපෙන්වීම යටතේ, 14 පාබල සේමු සේනාංකාධිපති තුමාගේ සහ 144 පාබල බසේමු බලසේනාධිපති තුමන්ගේ අධීක්ෂණය යටතේ මෙම පාබල බසේමු වෙතින් රුධිරය පරිත්‍යාග කිරිමට 00‹05ක භඨපිරිසක් සහභාගි වන ලදි.
16th September 2025 15:05:30 Hours
ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ 2025 ජුලි මස 09 වන දින යුද්ධ හමුදා ශාරිරික අභ්‍යාස පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රිඩාගාරයේ “බෝ නොවන රෝග අවමකරලීම” පිළිබඳ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩ සටහනක් පවත්වන ලදි.
16th September 2025 14:58:47 Hours
141 වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 8 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භට පිරිස්, 2025 ජූලි මස 03, 04 සහ 05 වන දිනයන්හි අත්තනගල්ල සහ දොම්පේ ප්‍රදේශ වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සමඟ සහයෝගයෙන් පවත්වන ලද ඩෙංගු මර්දන වැඩසටහන් සදහා ක්‍රියාකාරීව සහභාගී වු අතර, එමඟින් ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයට දායකත්වයක් ලබාදෙන ලදී.
16th September 2025 10:44:43 Hours
61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එස් වී ප්‍රනාන්දු යූඑස්පී එන්ඩීසී අයිජී 2025 ජුනි 03 වන දින 572 පාබල බලසේනා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය. ඔහු පැමිණි පසු, 572 පාබල බලසේනා බලසේනාධිපති විසින් ප්‍රධාන දොරටුවේදී උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර හමුදා සම්ප්‍රදායානුකූලව මෙම අවස්ථාව සනිටුහන් කරමින්, ඔහුට ගෞරවයක් වශයෙන් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.