23rd May 2025 14:56:08 Hours
8 වන බළඇණිය ශ්‍රීලංකා පාබල හමුදාවේ බළඇණි පුහුණු පාඨමාලාව 2025 මාර්තු මස 17 වන දින සිට 2025 මැයි මස 20 ලන දින දක්වා නිලධාරින් 12 දෙනෙකුගන් සහ සෙසුනිලයින් 323 දෙනෙකුගෙන් සමන්විත ආසේමු (බටහිර) බළඇණි පුහුණු පාසල පුත්තලමේදි ඉහළ සාමානය සමාර්ථයක් ලබා ගනිමින් සාර්ථක ලෙස අවසන් කරන ලදි. තවද පාඨමාලාවේ අවසන්දින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේඩිඑම්එල් සමරදිවාකර ආර්ඩබිලිවිපි ආර්එස්පි එන්ඩිසි පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගිවන ලදි.
23rd May 2025 14:42:57 Hours
2025.05.19 දින 1500 පැයට පමන මාතර කඹුරුගමුව ප්‍රදේශයේ සිසු දරුවෙකු (පාසල් නිළ ඇඳුම සමගින්) සිය ජීවිතය නැති කර ගැනීමේ අරමුණින් යුතුව මහානාම පාලමෙන් මාතර නිල්වලා ගඟට පැන සැඩ පහරට හසුවී ගසාගෙන යාමේදී මාහානාම පාලමේ කොටසක එල්ලී සිටීන බව සිවිල් ජනතාව විසින් දැනුවත් කිරීමෙන් පසු ක්ෂණිකව ක්‍රියාත්මක වූ 3 (සෙව්) ගැමුණුහේවා බළඇණියේ 02x05 ක භඨපිරිසක් විසින් බෝට්ටුවක ආධාරය ඇතිව දරුවා ගසාගෙන යාමට ඉඩ නොදී නිරුපද්‍රිතව බේරාගෙන ගොඩට ගෙනවිත් මාතර පොලිස් ස්ථානය හරහා දෙමාපියන් වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.
19th May 2025 11:57:50 Hours
යුහමු බත්තරමුල්ල වෙසක් කලාපයට සමගාමීව 144 පාබල බලසේනාවේ බලසේනාධිපති බි වයි සි ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ බලසේනා මුලස්ථානය ඉදිරිපිට වෙසක් පහන් කුඩුවක් නිර්මාණය කල අතර, ඊට අමතරව 144 පාබල බලසේනාවේ රාජකාරි නියතු නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් සංවිධානය කරනු ලැබු බෙලිමල් දන්සැලක් ද 2025.05.12 වන දින 1800 පැයේ සිට 144 පාබල බලසේනා මුලස්ථානය ඉදිරිපිට පැවැත්විණි.
19th May 2025 11:47:47 Hours
61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමාගේ පුර්ණ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ, ප්‍රදේශයේ ජනතාව හා කඳවුර අතර ඇති බැඳීම සහ සුහදත්වය වර්ධනය කර ගැනීමේ චේතනාවෙන් සේනාංක මුලස්ථානය, බළසේනා මුලස්ථාන සහ ඒකකයන්ට අමතරව ප්‍රදේශයේ ස්ථානගතව සිටින ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් බූස්ස නිපුණ නාවික හමුදා පුහුණු පාසල, පාබල හමුදා පුහුණු පාසල, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය, රත්ගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ අවට ගම්වාසින්ගේ සහය ලබා ගනිමින් වෙසක් තෙමඟුල නිමිතිකර ගෙන 2025 මැයි මස 12 දින සිට මැයි මස 16 දින දක්වා කාලය තුල වෙසක් කලාපයක් පැවැත්විමට සැලසුම් කරන ලදි.
19th May 2025 11:42:03 Hours
පූජනීය වෙසක් සමය සැමරීම සඳහා, බෞද්ධාලෝක මාවත වෙසක් කලාපයේ බත් දන්සලක් සංවිධානය කරන ලද අතර, අලංකාර ලෙස සරසා ඇති වීදි දිගේ උත්සවය නැරඹීමට පැමිණි දහස් සංඛ්‍යාත බැතිමතුන්ට සහ අමුත්තන්ට ආහාර පිරිනමන ලදී.
මෙම පුණ්‍ය කටයුත්ත ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ව්‍යාපෘති භාර නිලධාරී බ්‍රිගේඩියර් ඒ එස් පී ජයම්පති යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි අධීක්ෂණය කරන ලදි, 1 වන ශ්‍රී ලකා පොදු සේවා බලකායේ සහ 4 වන ශ්‍රී ලංකා පොදු සේවා බලකායේ භට පිරිස් දන්සල සංවිධානය කල අතර, සිවිල් සහයෝගයද ලැබිය.
19th May 2025 11:15:10 Hours
ඓතිහාසික ගංගාරාම විහාරස්ථානයේදී පූජනීය වෙසක් උත්සවය උත්කර්ෂවත් ලෙස සමරනු ලැබූ අතර, එහිදී බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සැමරීම සඳහා දහස් ගණනක් ජනතාව රැස්ව සිටියහ.
19th May 2025 10:59:36 Hours
2025 මැයි 5 වන දින, පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස යොදාගනු ලබන ගොතටුව බෝධිමලු දේවාලයේ වහලය මතට විශාල ගසක් කඩා වැටුණි. මෙම සිද්ධියෙන් සැලකිය යුතු හානියක් සිදු වු අතර 2 වන ස්වේව්ඡා පාබල හමුදාවේ රාජකාරි කරනු ලබන එක් නිලධාරියකු සහ සෙසුනිලයින් හයදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් අදාල ස්ථානය වෙත යොදවා කඩිනමින් එම ස්ථානය පිළිසකර කරන ලදි.
06th May 2025 13:04:09 Hours
රුහුණු විශ්ව විද්‍යාලය හා Zero Plastic Moment ආයතනය වෙතින් සංවිධානය කරන ලද Marineglow ව්‍යාපෘතිය සමග 9 ශ්‍රිලංසිරෙ භඨ පිරිස් 10 ගේ ශ්‍රමදායකත්වය ලබා දෙමින් 2025/05/03 වන දින 0830 පැයේ සිට 1200 පැය දක්වා දික්වැල්ල - බ්ලු බීච් හිදි වෙරළ පිරිසිදු කිරිමේ වැඩ සටහන සාර්ථකව සිදු කරන ලදි.
05th May 2025 15:46:30 Hours
මේජර් ට් එම් එන් බි අබේරත්න ශ්‍රිලසසබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (සම්බන්ධීකරණ) ලෙස 2025 මැයි 05 වන දින සුභ මොහොතකදී වැඩභාර ගන්නා ලදී.
05th May 2025 15:44:12 Hours
142 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් මලිත උබේසේකර ආර්එස්පී පීඑස්සීගේ අධීක්ෂණය සහ මඟපෙන්වීම යටතේ 2025 අප්‍රේල් මස 30 වන දින එම පාබල බළසේනාවේ රාජකාරී නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් කෙටි මාර්ග ඔස්සේ මුදල් ඉපයීම සඳහා සිදුකරනු ලබන විනය විරෝධී ක්‍රියාවන් වලක්වා ගැනීම පිළිබඳව හරවත් දේශණයක් පවත්වන ලදී. යුද්ධ හමුදා පොදුසේවා බලකායේ මේජර් එච්එස් රණවක විසින් එම දේශණය පවත්වන ලද අතර, ඒ සඳහා නිලධාරීන් 04 සහ සෙසුනිලයින් 56 දෙනෙකු සහභාගි විය.