Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

13th June 2025 09:41:58 Hours

බදාදා දින පුහුණුවිම් වලට අදාලව සුභසාධන දේශනයක් පවත්වන ලදි

සුභසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිලධාරියෙකු විසින් 2025 ජූනි මස 04 වැනි‍ දින සුභසාධන කටයුතු හා වෙනත් සේවාවන් පිළිබඳ දේශනයක් 14 පාබල සේනා මුලස්ථානය යටතේ පාලනය වනු ලබන 142 පාබල බලසේනා මුලස්ථානය සහ 144 පාබල බලසේනා මුලස්ථානයන් යටතේ ස්ථාපිත ඒකකයන් හි රාජකාරී නියුතු නිලධාරින් 03 දෙනෙකු සහ සෙසු නිලයින් 139 සදහා 14 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තු දේශන ශාලාවේදී පවත්වන ලදි.

මෙම දේශණයේ අරමුණ වනුයේ, සේවයේ නියුතු සෙබළුන් අතර සුභසාධන ව්‍යාපෘති පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් ඉහළ දැමීම වන අතර, මෙම දේශනය තුලින් යුද්ධ හමුදා නිලධාරි/සෙසු නිලයින් හට සුභසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලය වෙතින් සිදුකර ගත හැකි කාර්යයන් මොනවාද යන්න සහ එම සුභසාධක කටයුතු සිදුකර ගත හැකි පිළිවෙත කේසේද යන්න භට පිරිස් හට මනා අවබෝධයක් ලබා දෙන ලදි.