06th June 2025 09:07:04 Hours
2025 ජුනි 05 වන දිනට යෙදි තිබු ලෝක පරිසර දිනයට සමගාමීව, 57 වන පාබල සේනාංකය, 5 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භට පිරිස් සමඟ එක්ව, බතලේගොඩ වැව සහ ඒ අවට ප්‍රදේශවල පිරිසිදු කිරීමේ වැඩ සටහනක් සහ රුක් රෝපන වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන ආරක්‍ෂකසේනා මුලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී මහතාගේ උපදෙස් පරිදි සිදුකරන ලද අතර, 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ ඩී එම් එල් සමරදිවාකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී මහතාගේ අධීක්‍ෂණය යටතේ පවත්වන ලදී.
මෙම වැඩසටහන සදහා නිලධාරීන් 05 දෙනෙකු සහ සෙසුනිලයින් 50 දෙනෙකු සහභාගි වු අතර, ඊට අමතරව ප්‍රදේශයේ සිවිල් වැසියන්, ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, අදාළ ග්‍රාම නිලධාරී කොට්ඨාශවල ග්‍රාම නිලධාරී සහ ගොකරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් ද මෙම කාර්යයට සහභාගී වූහ.