05th June 2025 10:16:41 Hours
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ රස්නායකපුර ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් හමාගිය දැඩි සුලං තත්වය මත අංක 276 රස්නායකපුර ග්‍රාම නිළධාරී වසමේ එච්එම් රස්නායක මධ්‍ය මහා විද්‍යාලයේ (ජාතික පාසල) ගොඩනැගිලි දෙකක හා වැසිකිලි පද්ධතියෙහි වහලය මතට ගස් කඩා වැටිමෙන් හානි සිදුවී තිබු අතර, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂක මණ්ඩලයේ උපදෙස් හා අනුමැතිය මත 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මගපෙන්විම අනුව 571 පාබල බලසේනා මුලස්ථානයේ බළසේනාධිපති තුමන්ගේ පුර්ණ අධික්‍ෂණය යටතේ 9 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිළධාරීගේ උපදෙස් පරිදි එම ගස් කපා ඉවත් කර පාසල් භූමිය පිරිසිදු කර ගැනීම සඳහා 9 ශ්‍රීලංජාආබමු ඒකකය වෙතින් 01 X 10 සමන්විත භට පිරිස් ප්‍රමාණයක් සහය දක්වන ලදි.
තවද, එම අවස්ථාවේදී මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කලමණාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක එන්ආර්ඒ විරාජ් දිසානායක මහතා, අංක 276 රස්නායකපුර ග්‍රාම නිළධාරී ආර්එම් ජයතිලක මහතා, රඹෑව ග්‍රාම නිළධාරී එන්බි රත්නායක මහතා, නිකවැරටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආපදා සම්බන්ධිකරණ නිළධාරී ඩිඑම්ඒ නාමල් කුමාර මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ වැඩබිම් නිළධාරී එන්එම්ඒජේ නරසිංහ මහතා ඇතුළු පිරිස සහභාගි වු බවත්, 9 ශ්‍රීලංජාආබමු ඒකක භට පිරිස් විසින් මහත් පරිශ්‍රමයක් දරා ගස් කපා ඉවත්කර පාසල යථා තත්වයට පත් කරන ලදී.