05th June 2025 10:32:15 Hours
61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මඟ පෙන්වීම යටතේ, 18 වන ශ්රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ භට පිරිස් කූරගල විහාර රක්ෂිතයේ ඇති වූ ගින්නක් පාලනය කිරීම සඳහා කඩිනමින් යොදවන ලදී.
2025 ජුනි 3 වන දින පැය 1500 කට පමණ පසු වාර්තා වූ ගින්න අවට පරිසර පද්ධතියට සහ පූජනීය පරිශ්රයන්ට තර්ජනයක් විම වැළැක්වීමට සහ හානිය අවම කිරීමට පළාත් පාලන ආයතන සහ වන නිලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කර එම ගින්න සම්පුර්ණයෙන් මැඩ පවත්වන ලදි.