27th March 2025 15:48:46 Hours
නාගොඩ, රාජකීය විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 මාර්තු මස 12 දින එම විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවති අතර, එම අවස්ථාවට විදුහල්පතිවරයාගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා ආර්එස්පී එන්ඩියු පීඑස්සී සහභාගි වූයේය.
27th March 2025 15:44:23 Hours
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණි විජේසිංහ මහත්මියගේ නායකත්වයෙන්, පෞද්ගලික ලේකම් ගයාන් ප්‍රනාන්දු මහතා සහ මාදම්පේ ප්‍රදේශ සංවිධායක සී කන්නන්ගර මහතා සහ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය සංජීව තිරිමාන්න මහතාගේ සහභාගීත්වයෙන්, 2025 මාර්තු 15 වන දින ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මාදම්පේ ප්‍රාදේශීය රෝහල සඳහා පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
27th March 2025 15:34:27 Hours
යුද හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව, "පිරිසිදු ශ්‍රී ලංකාව" වැඩසටහනට සමගාමීව, ප්‍රමුඛතා ප්‍රතිපත්තියට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල පමුණුගම ගොන්සාල්වේස් විද්‍යාලයේ තෝරාගත් අඩු පහසුකම් සහිත පාසල් පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන ආරම්භ කරන ලද අතර එහි සමාරම්භක උත්සවය 2025.03.10 වන දින "පිරිසිදු අධ්‍යාපනික පරිසරයක්" යන තේමාව යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල පමුණුගම ගොන්සාල්වේස් විද්‍යාලයේ දී මහත් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
27th March 2025 15:20:41 Hours
2025 පෙබරවාරි 27 වන දින, 61 පාබල සේනාංකය යටතේ ඇති 613 පාබල බලසේනාවේ 3(සේව් ) ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් මාතර රාහුල විද්‍යාලයේ බාලදක්ෂ සිසුන් 30 දෙනෙකු සඳහා සිතියම් කියවීමේ පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.
27th March 2025 15:10:35 Hours
573 පාබල බලසේනාව 2025 මාර්තු 3 සහ 4 යන දිනවල බලසේනාවේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් එස්ඩබ්ලිව්පිඑම්එච්ආර් සේනාධීරආර්ඩබිලිව්පි යුඑස්පි පීඑස්සී ගේ මඟ පෙන්වීම යටතේ උත්සව මාලාවක් සමඟින් සිය 5 වන සංවත්සරය සමරනු ලැබීය.
26th March 2025 17:08:35 Hours
බත්තරමුල්ල, එම් ඩී එච් ජයවර්ධන විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 මාර්තු 07 වන දින එම විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවති අතර, එම අවස්ථාවට විදුහල්පතිවරයාගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 144 පාබල බලසේනාවේ බලසේනාංකාධිපති බ්‍රිගේඩියර් බී වයි සී ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී සහභාගි වූයේය.
26th March 2025 15:09:45 Hours
CLEAN SRI LANKA “වැඩසටහනට සමගාමිව යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත තෝරාගත් විද්‍යාලයක් වන අම්බලන්ගොඩ ගා/මාදම්පා මධ්‍යම විද්‍යාලයේ පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවය 2025 පෙබරවාරි 20 වන දින මහත් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
26th March 2025 10:39:35 Hours
CLEAN SRI LANKA “ වැඩසටහනට සමගාමිව යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත තෝරාගත් ප්‍රාථමික විද්‍යාලය වන පූගොඩ සහ පහළයාගොඩ ශ්‍රී ස්වර්ණපාලි මහා විද්‍යාල යන පාසල් වල පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවය 2025 පෙබරවාරි 20 වන දින මහත් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
26th March 2025 10:24:41 Hours
ශ්‍රී ලංකා හමුදාවේ සියලුම සාමාජිකයින්ට ප්‍රශංසනීය ආදර්ශයක් තබමින්, 61 වන පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් ඩබලිව් එම් ඩි එච් ආර් කේ වැලිකන්න ආර්ඩබ්ලිව්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි අලුයම ගාලු පාර දිගේ බයිසිකලයෙන් ගමන් කරමින් සිටියදී බූස්ස ප්‍රදේශයේ මාර්ගය අසල මුදල් සහ වටිනා දෑ අඩංගු මුදල් පසුම්බියක් සොයා ගත්තේය. එම මුදල් පසුම්බිය ඩබ්ලිව් ඊ සමීර මධුසංඛ යන අයට අයත් වන අතර 2025 පෙබරවාරි 17 වන දින ඔහුගේ පුද්ගලික ලිපිනය සොයා ගෙන 61 වන පාබල සේනාංක මූලස්ථානයට ගෙන ඒමෙන් පසු ඔහුට භාර දෙන ලදී.
12th March 2025 17:11:03 Hours
කර්නල් ඩබ්ලිව් එම් ඩි එචි ආර් කේ වැලිකන්න ආර්ඩබ්ලිව්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 පෙබරවාරි 18 වන දින 61 වන පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.