05th May 2025 09:22:19 Hours
14 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ජේ එන් එම් පි කේ නවරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත යටතේ පාලනය වන පාබල බසේමු සහ ඒකකයන් හි රාජකාරි කරනු ලබන නිලධාරි/සෙසුනිල සහ සිවිල් සේවක මහතුන්ගේ සහභාගිත්වය මත ලේ දන්දීමේ වැඩසටහනක් 2025.04.29 දින මහරගම අපේක්‍ෂා රෝහලේ ලේ දන්දීමේ පරිශ්‍රයේදි ඉතා සාර්ථක අයුරින් සිදු කරන ලදි.
රටතුල සිදුවන රථවාහන සහ වෙනත් අනතුරු මෙන්ම විවිධ රෝගාබාධයන් හේතුවෙන් ප්‍රතිකාර ගනු ලබන රෝගින් සදහා හදිසි අවස්ථාවන් හීදි රුධිරය ලබාදීම වෙනුවෙන් ලේ සංචිත පවත්වා ගැනිම රුධිර පාරවිලයන මධ්‍යස්ථාන වෙතින් සිදුකරනු ලබන අතර, එම මධ්‍යස්ථානයන්හි පවත්නා ලේ සංචිතයන්හි හිඟතාවය මත අවශ්‍ය පරිදි ලේ දන්දීමේ ක්‍රියාවන් සිදුකර එම සංචිත ප්‍රමාණවත් පරිදි පවත්වා ගැනිම සදහා යුද්ධ හමුදා රෝහල වෙතින් යුද්ධ හමුදා භඨපිරිස් සහභාගී කරවන ලෙස ඉල්ලීමක් කර ඇති බැවින්, ඒ වෙනුවෙන් මෙම කටයුත්ත සිදුකර ඇත.